මේ ඉරිදා ලංකාදීප පුවත් පතේ සඳහන් වූ බොහොම අනුවේදනීය කතාවක් නිසයි මේ සටහන් තබන්න සිතුණේ.
''සිඟිති, මගේ මාමගේ දුව. පොඩි කාලේ ඉඳලම අපි දෙන්නා හැදුණේ වැඩුණේ එකට. නොදන්න කාලේ ඉඳලම අපි දෙන්නටම දෙන්නා නැතිව බෑ. වහලට හබරල කොළ දමල හදන සෙල්ලම් ගෙදර අම්ම, සිඟිති.... තාත්ත, මම...''
සිඟිතිට එයාගේ ගෙදරින් දෙන කෑම එයා නොකා ඔතාගෙන එන්නේ ඉස්කෝලෙදි මට කන්න දෙන්න. එයා බත් කටක් කාලා, මම දිහා ආදරෙන් බලන් ඉන්නේ හරියට තමන්ගේ දරුවට බත් කවන අම්ම කෙනෙක් වගේ.
මේ ටිකෙන්ම අපිට පේනවා පුංචි කාලේ ඉඳලම මේ දෙන්නගේ තිබුණු බැඳීම, සෙනෙහස...
මෙන්න මේ අතරෙදි තමයි සිඟිතිගේ පියා මිය යන්නේ. ඒත් එක්කම දරිද්‍රතාවට ඇද වැටෙන ඇගේ මවට සිදු වෙනවා සිඟිතිගේ පාසල් ගමන නතර කරන්න. ඒත් ධනුෂ්ක වගේම සිඟිතිත් ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි. දෙන්නම විශිෂ්ට විදියට සාමාන්‍ය පෙළ සමත් වෙනවා. මේ නිසා ධනුෂ්කට තමන් පණ වගේ ආදරය කරන සිඟිතිගේ පාසල් ගමන නතර වෙන්න යන්න එක දරා ගන්න අපහසු වෙනවා.
ඒ නිසා ඔහු දැඩි තීරණයක් ගන්නවා. ඒ තමයි ඇය වෙනුවෙන් ඔහුගේ ජීවිතය කැප කරන්න. තමන්ගේ අම්මා ඉතාම තදින්ම විරුද්ධ වුණත් ඔහු තමන්ගේ ගත් තීරණය කිසිසේත් වෙනස් කරන්නේ නෑ. මේ වන විට සිඟිතිත් තමන්ගේ අම්මට බරක් නොවෙන්න ගාමන්ට් යන්න සූදානම් වෙලයි ඉන්නේ. ඒත් ධනුෂ්ක මැදිහත් වෙලා ඇයව නැවත අධ්‍යාපනය වෙත යොමු කරනවා. ඔහු, බීච් බෝයි කෙනෙක් විදියට වෙරළට පිවිසෙනවා.
මේ වගේ වෘත්තියක තියෙන නොමනාකම් හැම දේකින්ම ඔහු ඈත් වෙලා ඉන්නේ සිඟිතිගේ ආදරය ඔහුගේ ජීවිතය පුරවලා තිබුණු නිසයි. ඒ නිසා අතට හමු වෙන දේ ඉතිරි කරගෙන පවුල් දෙකම බලා ගන්න ඔහුට හැකි වෙනවා. සිඟිති, හොඳින් උසස් පෙළ සමත් වෙලා සරසවි පිවිසුමත් ලබනවා. ඒත් ඇය මේ වතාවේ තව දුරටත් ඉගෙනීම නතර කරන්න හිතුවාම ඔහු ගොඩක් කෝප වෙලා ඇයව දිරි ගන්වනවා කැම්පස් යන්න.
ඇයට සරසවි අධ්‍යාපනයට උපකාර කරන්නෙත් ඔහු. ඒත් ටික දවසකින්ම සිඟිති, කැම්පස් එකේදි හමු වූ ලස්සන තරුණයෙක් එක්ක පෙමින් බැඳෙනවා. බහ තෝරණ කාලයේ ඉඳන් ටිකෙන් ටික වැඩි වෙලා අවසානයේ ආදරයක් බවට පත් වූ මේ බැඳීමේ වියෝව දරා ගන්න කොහොමවත්ම ධනුෂ්කට පුළුවන් වෙන්නේ නෑ. ඔහු මේ දරා ගන්න බැරි ජීවිතයෙන් පලා යන්නේ කවදාවත් කටේවත් නොතියූ මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන්.
අවසානයේ ඔහු ඇවිදින ඇට සැකිල්ලක් බවට පත් වෙනවා. මේ අතරේ දිනක් ඔහු තමන් සේවය සැපයු තරුණ සුද්දියෙක්ගේ මුදල් පසුම්බිය සොරකම් කරනවා.. ඒත් ඒක සුද්දිට අහු වෙනවා. ඔහු පොලිස් භාරයට පත් වෙනවා. ඒත් එයාට පසුව දුක හිතිලා ඔහුව පොලිස් කූඩුවෙන් මුදවා ගන්නවා. මෙහෙම කරන්න හේතු අහපු එයාට ඔහුගේ ජීවිත කතාව අහන්න ලැබෙනවා. එයාට ගොඩක් දුක හිතිලා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරනවා. පුනරුත්ථාපන මධ්‍යස්ථානයකටත් යොමු කරනවා. ඇය වසරකට වතාවක් ලංකවට එන අතරේ ඔහුව බලන්නත් අමතක කළේ නෑ. වසර දෙක තුනක් ගත වෙනකොට ඔහු මත්ද්‍රව්‍ය රකුසාගෙන් සම්පූර්ණයෙන් මිදෙනවා.
දේවතාවියක් වගේ ඔහුට පිහිට වුණු මේ යුවතිය ඔහුට හෝටලයකුත් තනා දීලා පසුව විවාහ කර ගන්නත් යනවා. කතාව අවසන් වෙන්නේ එහෙම.
දැන් මෙතන මනුෂ්‍යත්වය සම්බන්ධ ප්‍රශ්න ගණනාවක්ම මතු වෙනවා. මුල්ම ප්‍රශ්නේ තමයි, ළමා කාලේ ඉඳන්ම අම්ම කෙනෙක් වගේ සෙනෙහසින් ඉඳපු සිඟිති මෙහෙම වෙනස් වුණේ කොහොමද කියන එක. එයා පසුව ආත්මාර්ථයේ ගොදුරක් බවට පත් වුණාද... එහෙමත් නැති නම් මුල ඉඳන්ම ඒ ස්වභාවය ඇය තුළ සැඟවිලා තිබුණාද...?
මෙතනදී අපිට හොඳින් පරීක්ෂා කළාම වටහා ගන්න හැකි වන දේ තමයි මුළ ඉඳන්ම සිඟිති ආත්මාර්ථකාමී කෙනක් කියන එක. එහෙම නොවේ නම් ධනුෂ්ක තමන්ගේ අධ්‍යාපනය නතර කරලා වෙරළට බහින්න යනකොට ඒකට ඉඩ දීලා බලන් ඉන්නෙ නෑ. එතන තමයි පොයින්ට් එක. සිඟිති ඇගේ අම්මා කුරුඳු වැඩ පොලේ වැඩට යනවට කැමති වෙන්නේ නෑ. අම්මට කියලා හම්බ කරගෙන කන්නේ කොහොමද කියලා. ඒත් ධනුෂ්ක අධ්‍යාපනයත් නතර කරලා වෙරළට බහින එක එයා ඉවසනවා. එයා ඒකටත් විරුද්ධ වෙන්න ඇති සමහර විට. ධනුෂ්ක, කියන දේ අහන්නෙ නැතිව ඉන්නත් ඇති. ඒත් එයාට කියන්න තිබුණා ''අයියේ ඔයා හම්බ කරලා ගේන ඒවයින් මම විතරක් ඉගෙන ගන්නේ නෑ... එක්කෝ අපි දෙන්නම පාරට බහිමු'' කියලා.
දැන් ඊලඟට ඇති වෙන ප්‍රශ්නේ තමයි එතකොට සිඟිතිගේ මුල ඉඳන් තිබුණු ආදරය සෙනෙහස මොකක්ද කියන එක. ඇත්තටම අපි අපේ මානසික හෝ කායික අවශ්‍යතාවන් ඉටු කරන අය එක්කත් තදින් බැඳෙනවා. ඒක ආදරය නොවෙයි බොහෝ දුරට. ඉතින් එහෙම බැඳීමක් තමයි ඇය තුළ තියෙන්න ඇත්තේ. ආදරයක් තිබුණා නම් මේ වගේ කුරිරුකමක් කරන්න තියා හිතන්නවත් ඇයට පුළුවන් වෙන්නේ නැහැනේ.
ඉතින් මේ අවශ්‍යතාවන් වඩාත් හොඳින් ඉටු කරන කෙනෙක් අපිට හමු වෙනකොට අපිට මුල් කෙනා කුණු මාලු කෑල්ලක් වගේ පේන්න ගන්නවා. කරදරකාරයෙක් බවට පත් වෙනවා.
මොනවා වුණත් මේ තරුණයාගේ ඉරණම ඛේදාන්තයක් නොවී සුඛාන්තයක් බවට පත් වීම මනුෂ්‍යත්වයේ නාමයෙන් ගත් විට ලොකු සැනසිල්ලක් නේද...
ඉතින් අපේ ජීවිතයත් මේ වගේ ආත්මාර්ථකාමී අයගෙන් ඛේදවාචකයක් බවට පත් වීම වලක්වා ගන්න නම් ඔවුන්ව මුලින්ම තේරුම් ගැනීමේ යතුරු අප විසින් තනාගෙන තිබිය යුතුයි. ඒ සඳහා වන තර්ක බුද්ධිය ගොඩ නැගෙන්න මේ කතිකාව ඉවහල් වුණා නම් එයයි මගේ සතුට....
Saturday, November 5, 2016
සිත් අදහාගත නොහැකි සත්‍ය ආදර කතාව....(4 වන කොටස)
ඔයාලට කියන්න ඕනේ මේ සත්‍ය ආදර කතා පුවතේ ඉතාමත් තීරණාත්මක, ඔබට කිසිසේත් සිත අදහා ගත නොහැකි ලක්ෂ්‍යයකට එලඹෙනවා 2015 මැයි මාසයේදී... ඒ වගේම අපේ අධ්‍යාත්මික ලෝකය ගැනත් ඔබට ඉතාමත් වැදගත් සිත් අදහා ගන්න අපහසු තොරතුරු මේ කතා පුවතේ අන්තර්ගතයි...
මේ කතා පුවතේ තවත් විශේෂත්වයක් වෙන්නේ තවමත් මේ කතාව නිමාවට පත් වී නොතිබීම නිසා. එය කවර ආකාරයකින් අවසන් වේද යන්න මෙහි කතා නායකයාවත් දන්නේ නැහැ....
දැන් ඉතින් මට පුදුම සතුටක්. ලබන සතියේ පුවත් පතේ මගේ දැන්වීම පළ වෙයි. මේ වන විට ඒ යුවතිය හමු වෙලා සති 3ක් විතර ඉක්ම ගොස් තිබුණත් එයාට වුණත් ඉතින් මේ මතකය කොහොමවත් අමතක වෙලා යන්න ඉඩක් නෑනේ. වැඩේ තියෙන්නේ ඉතින් මගේ දැන්වීම එයා දකිනවාද කියන එකයි. පළමුවෙන්ම එයා පොත් පත් කියවන කෙනෙක් වෙන්න ඕනේ. ඊළඟට එයා කාන්තා පුවත් පත් කියවන්නියක් විය යුතුයි. ඊටත් පස්සේ කාන්තා පුවත් පත් රාශියක් අතුරින් සිරිකත පුවත්පතද කියවන්නියක් විය යුතුයි. එපමණකිනුත් මේක නිමා වෙන්නේ නෑ.
එයා සති පතාම හෝ අඩුම ගණනේ විටින් විට කියවන කෙනෙක් වුණද් මේ දවසේ පුවත් පත කියවන්න ඕනේ. එච්චරද...? පුවත් පතේ පිටු 40 ගණනක් තියෙනවා. ඒ අතරින් ඇගේ ඇස මේ දැන්වීම ඇති පිටුව වත යොමු වෙන්නත් ඕනේ. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ අවධානය පුවත් පතක සෑම පිටුවක් වෙතම යොමු වෙන්නේ නෑ. විශේෂයෙන්ම ඒ පුවත් පත නිතර කියවන කෙනෙක්ගේ නම් කෙළින්ම ඇස යොමු වෙන්නේ තමන්ගේ ප්‍රියතම විශේෂාංග වෙතට.
අනෙක් එක මේක ලිපියකුත් නෙවි. දැන්වීමක්. සාමාන්‍යයෙන් දැන්වීම් සඳහා අවධානය යොමු කරන්නේ ඒවායින් කියවෙන දේවල් සඳහා උනන්දුවක් තියෙන කෙනෙක් විතරයි. නිදසුනක් හැටියට ගෙයක් හොයන කෙනෙක් ඒ සඳහා උනන්දු වෙනවා වගේ. ලිපියක් අතරේ තියෙන දැන්වීමක් කෙරේ නම් කියවන අතරේ වුණත් අහම්බෙන් වගේ ඇස යොමු වෙන්න පුළුවන් සමහර විට. ඒත් ඉතින් මගේ මේ පුංචි දැන්වීම ඒ වගේ තැනක පළ වෙයිද, එහෙමත් නැති නම් සම්පූර්ණයෙන්ම ලුහුඬු දැන්වීම් පමණක් අඩංගු පිටුවක පළ වෙයිද කියන්න කවුද දන්නේ. මම නෙවිනේ පිටු සැලසුම් කරන්නේ.
සම්පූර්ණයෙන්ම ලුහුඬු දැන්වීම් අඩංගු පිටුවක පළ වුණෝතින් නම් ඉතින් එය සාමාන්‍ය කෙනෙකුගේ ඇස ගැටෙන්න තියෙන හැකියාව ඉතාම අඩු බව මට පෙනී ගියා.
අනෙක් අතට මේක පුංචි දැන්වීමක්. කලු සුදු එකක්. අවසන් වශයෙන් ඒ පිටුවේ තියෙන දැන්වීම් රාශියක් අතරින් ඒ වෙතට අවධානය යොමු වෙන්න ඕනේ. අහම්බෙන් හරි ඒක වෙන්න නම් පහසුවෙන් ඇස යොමු වෙන තැනක ඒක ස්ථාපිත වෙලා තිබිය යුතුයි.
මේවා කල්පනා කරනකොට, දැන්වීම පළ කිරීමට ලැබීමෙන් හිතේ ඇති වූ සතුට දිය වෙලා යන්න ගත්තා. අපේක්ෂා භංගත්වයක් තුළින් හට ගන්න ශෝකයක් සහ බියක් මගේ හිතේ ඇති වුණා. මේ තරම් කොන්දේසි ගණනාවක් ඉටු වී ඇය විසින් මෙම දැන්වීම දකිනු ලැබීම හරියට කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වැනි අවස්ථාවක් බව මට ඒත්තු යමින් තිබුණා.
ඒත් ඇය කෙරෙහි හට ගත්තු මහත් වූ අමතක කළ නොහැකි සෙනෙහස නිසා 'කණ කැස්බෑවා කෙසේ හෝ විය සිදුරෙන් අහස බලනු ඇතිය' යනුවෙන් හදවත කියන්න වුණා. ඒ නිසා, අර බිය යටපත් කරමින්, අපේක්ෂාවේ සුබ සිහින දැල්වෙන්න වුණා. ඒත් බිය කියන එක යටපත් වෙමින් වුණත් දිගටම හදවත පසුබිමේ ක්‍රියාත්මක වෙමින් තිබුණා.
ඇනෙක් අතට, මම මේ තරම් පස් මහ බැලුම් බලමින් සැලසුම් කරමින් දැන්වීම නිර්මාණය කළේත් මේ කණ කැස්බෑවාට සිය ඇස විය සිදුරෙහි තැබීම සඳා කුඩා හෝ උපකාරයක් වනු පිණිස. ඉතින් ඒ කරුණ පමණයි යාන්තමට සැනසීමකට තිබුණේ. එවැන්නකුත් නොකළා නම් මේ වන විට 'සිහිනයක්' පමණක් හැරෙන්නට යථාර්ථවත් බලාපොරොත්තු කියන එක බින්දුවටම පහළ බසින්න ඉඩ තිබුණා.
සුබ පැතූ නංගීගේ පණිවිඩය.....
සිරිකත පුවත් පත නිකුත් වන දිනය ලෙසින් එහි සඳහන් වෙලා තියෙන්නේ සඳුදා. ඉතින් මං සඳුදා දිනේ මගේ ඉන්ටනෙට් සම්බන්ධතාවය සඳහා යොදා ගනිමින් තිබුණු සිම්පත් ෆෝන් එකට යොදා ගැනීම ප්‍රමාණවත්. ඒත් මට දෙයක් අමතකව තිබුණා. ඒ තමයි බොහෝ පුවත් පත් අදාල නාමික දිනයට කලින් වෙළඳ පළට පැමිණෙන බව... සිරිකත පුවත් පත, බ්‍රහස්පතින්දා වන විටම වෙළඳ පළට නිකුත්ව තිබුණා. ඒ නිසා දැන්වීම දැක ලබා දී තිබූ ප්‍රතිචාර සියල්ලම ලැබී තිබුණේ ඒ වන විට ඒ සිම්පත භාවිතා කරමින් සිටි මගේ මල්ලී වෙත.
මල්ලිත් ඒක භාවිත කරමින් සිට ඇත්තේ එයාගේ සිම්පතේ මුදල් අවසන් වීම නිසා. මුදල් රීලෝඩ් කරගන්න යන්න කම්මැලිකමේ එයා මේක පාවිච්චි කරලා. ඒත් මල්ලි එහෙමවත් නොකරන්න මට වෙන්නේ හරිම අකරතැබ්බයක්. දැන්වීමට සංවේදී වන අය ප්‍රතිචාර දක්වන විට අදාල අංකයෙන් ප්‍රතිචාරයක් නැතිව යාම.... බ්‍රහස්පතින්දා ඉඳන් සඳුදා වෙනකන් දින 5ක්. ඉතින් ඒ වගේ කාලයක් කෙනෙක්ගේ බලාපොරොත්තු කඩ වෙන්න හොඳටම ප්‍රමාණවත්.
පුවත් පත වෙළඳපළට පැමිණි දිනයේම මේ දැන්වීමට ලැබී තිබූ මිස් කෝල්ස් සහ මෙසේජස් එකතුව 11ක් පමණ. ඉතින් ඇහැ ගැටෙන්නේ නෑ කියලා හිතුවට මොකද මේ තරම් ප්‍රතිචාර ලැබෙන්න තරම් විශාල පිරිසක් මේක දැකලා තියෙනවා. ඔය විදියට ප්‍රතිචාර දක්වන්න ඇත්තෙත් බලපු අයගෙන් සුළු කොටසක්. ඒ අනුව විශාල පිරිසක් මේක දැකලා තියෙනවා. ඉතින් ඒක ලොකු සතුටක්. අඩුම ගණනේ එයා නොදැක්කත් එයාගේ යාලුවෙක්වත් මේක දැකලා කතා බහක් ඇති වුණොත් ඒ ගැන...

Subscribe to:
Posts (Atom)