අපේ ජීවිතයේ අර්ථය කුමක්ද...? - What is the Meaning of Life
මිනිස්සුන්ට අනාදිමත් කාලයක ඉඳන් ඇති වුණු ප්‍රශ්න සමූහයක් තියෙනවා... අපි මේ ලෝකෙට ආවේ කොහොමද... කොහෙන්ද... අපි උපතක් ලබන්නේ කොහොමද... ජීවිතය කියන්නේ මොකක්ද... අපි මැරුණට පස්සේ අපිට වෙන්නේ මොකක්ද... අපි මැරුණට පස්සේ අපි කියන කෙනා සහමුලින්ම අවසන් වෙලා යනවද... නැති නම් එයින් පස්සෙත් මොකක් හරි අපේ පැවැත්මක් තියෙනවද...
ඉතින් මේ ප්‍රශ්නවලට සංකල්ප නිර්මාණ කතෘවරුන් ඒ කාලේ ඉඳන්ම එක එක පිළිතුරු දීලා තියෙනවා... ඒවා අපි මේ වෙනකොට ආගමික සහ දාර්ශනික සම්ප්‍රදායන් ලෙසින් ඉගෙන ගන්නවා... මේ අතරේ විද්‍යාව විසිනුත් මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න උත්සහ ගනිමින් ඉන්නවා...
මේවා විසින් ඒ ඒ සමාජයන් වල මොන උත්තර ලබා දුන්නත් පොදුවේ ගත්තාම මිනිස් සිත් සතන් වල තියෙන අදහසක් තමයි අපේ මරණින් පස්සේ මොන ආකාරයක හෝ නැවත පැවැත්මක් පවතීවි කියන එක... ආගමික සම්ප්‍රදායන් නම් මේ අදහසට එකඟ පැහැදිලි කිරීමක් තමයි ලබා දෙන්නේ... ඒත් විද්‍යාව නම් එහෙම නෑ... පොදුවේ විද්‍යාව දෙන උත්තරේ තමයි අපේ මරණින් පස්සේ අපිට පැවැත්මක් නෑ කියන එක...
ජීවිතයේ අර්ථය කුමක්ද?
ජීවිතයේ අර්ථය ගැන ගත්තෝතින්, ඒකත් අන්ත දෙකකට විහිදිලා තියෙනවා.. එකක් තමයි ජීවිතය කියන්නේ සුන්දර වටිනා දෙයක් එය විඳිය යුතුයි කියන එක... අනෙක් එක තමයි ජීවිතයේ අර්ථයක් නෑ, ඒක නිෂ්ඵලයි, අසාරයි, දුක්බරයි කියන එක... මේ අදහස් දෙක මත ජීවිතය සම්බන්ධ දාර්ශනික කතිකාවන් ගොඩ නැගිලා තියෙනවා... විශේෂයෙන්ම මේ ගැන අද දවසේ කතා කරන්නේ ආගමික කතිකාවත් තුළින්...
ඒ වගේම, ජීවිතයේ අර්ථය සම්බන්ධ ආකල්පය සම්පූර්ණයෙන්ම වාගේ ගැට ගැහිලා තියෙනවා අප නැවත උපතක් ලබනවාද නැද්ද කියන කාරණයත් එක්ක. ඒ කරුණට අප දක්වන ප්‍රතිචාරයත් එක්ක තමයි 'ජීවිතයට' අපි දක්වන ප්‍රතිචාරය තීරණය වෙන්නේ...
හැබැයි ඉතින් ආයෙමත් කියන්න තියෙන්නේ අපේ මේ ආකල්ප ජනිත වෙන්නේ අපේම තුළින් නෙවි කියන එක. ඒ වෙනුවට අප අයත් වන සමාජ සංස්කෘතික පසුබිම තුළින්... ඒ කියන්නේ අප ඒවායේ ගොදුරක් බවට පත් වෙනවා... ලෙහෙසියෙන් කෙනෙක් 'දැනුම' ප්‍රශ්න කරමින් යම් කරුණක් ගැන ලෝකයේ ඇති සියලුම දැනු මාදිලි ප්‍රශ්න කරමින් හදාරමින් 'සත්‍ය' කියන්නේ මොකක්ද කියලා හොයන තත්වයක් නෑ... එහෙම කරන්න තරම් ඥාන ශක්තියක් පොදුවේ තාමත් පෘථිවි මිනිසාට ලැබිලා නෑ...
ඒක නිසා ඉතින් වෙන්නේ හොරා ගාවට වැටුණු ගිරවා හොරෙක් වෙන අතරේ තාපසයා ගාවට වැටුණු ගිරවා තාපසයෙක් වෙනවා වගේ ඒ ඒ දෘෂ්ටිවාදයන් වල ගොදුරක් වෙන එක.
No comments:
Post a Comment