සංකල්ප නිර්මාණය සහ දැනුම...
මිනිසා සංකල්පීය සත්වයෙක් වෙනකොට හරි නම් වෙන්න ඕනේ හැම මිනිසෙක්ම සංකල්ප නිමාණකරුවෙක් වෙන එකනේ නේද... ඒත් වර්තමානය දිහා බැලුවත් අතීතය දිහා බැලුවත් ඒක එහෙම වෙලා නෑ... ඒ වෙනුවට ටික දෙනෙක්ගේ සංකල්ප අපි විසින් අපේ ජීවිතය කර ගැනීම තමයි වෙලා තියෙන්නේ... මොකක්ද මේකට හේතුව... පොදු මිනිසාට සංකල්ප පහල නොවීමද... එහෙමත් නැති නම් මොකක් හරි හේතුවක් නිසා පොදු ජනයාගේ සංකල්ප යටපත් වෙලා කීප දෙනෙක්ගේ සංකල්ප අධිපති වීමද...?
කවර දෙයක් හෝ සම්බන්ධයෙන් තියෙන 'දැනුම' කියන්නේ මිනිසා විසින් ස්වකීය බුද්ධියෙන් ගොඩ නැගූ ආකෘති. අපේ සංවේදන පද්ධතියට ග්‍රහනය වන 'ලෝකය' සහ එහි 'නියාම' අපි විසින් ''දැනුම' ලෙසින් හඳුන්වනවා...
ඒ වගේම මේ 'දැනුම' සමහර අයට පමණක් දැනුණ දේ ලෙසත් හඳුන්වන්න පුළුවන්. ඒව 'පිළිගත් දැනුම' ලෙසින් සමාජගත වී තිබෙනවා. නිදසුනක් විදියට කවුරුවත් යක්ෂයන් හෝ දෙවියන් දැක නැහැ.. ඒත් ඒ අයව දැක්කා යයි කියපු අයගේ කතාවන් මත අපි බොහෝ දෙනෙක් මේ සංකල්ප විශ්වාස කරනවා..
ඉතින් මේ විදියට සමස්ත මානව වර්ගයාම, සමස්ත ජීවී ප්‍රජාවම, සමස්ත ලෝකයම වෙනුවෙන් සංකල්ප නිර්මාණය කරන්න යනකොට ඒ අය ආදරය, කරුණාව, යහපත, සහජීවනය, පරාර්ථය වගේ උත්තම ගුණාංග මත පමණක් පදනම් වෙලා කළා නම් ඉතින් අපිම සංකල්ප නිර්මාණය නොකළත් කමක් නෑ... ඒත් අනෙකාව තම අවශ්‍යතාවන් මත උපයෝගී කරගැනීම පදනම් කරගෙන තමයි බොහෝ විට මේ දේ වෙලා තියෙන්නෙ. තමන් කොහොම හරි ජීවත් වීම, තමන් පමණක් සැප විඳීම තමයි එහි පරමාර්ථය...
ඒත් මේවා 'පිළිගත් දැනුම' ලෙසින් බාර ගන්න අය හැම වෙලාවෙම හිතන්නේ ඒ සංකල්ප ගස් ගල් වගේ මේ ලෝකේ ඉබේටම පහල වෙලා ඇති කියලා. ඒවා නිවැරදි සහ යහපත මූලික කරගෙන ගොඩනංවලා ඇති කියලත් හිතනව...
අන්න එතනින් තමයි මහා අර්බුදයන් විශාල ප්‍රමාණයක් හට ගන්නේ...
No comments:
Post a Comment