මිනිසා ස්වභාවික ලෝකයක නෙවි ජීවත් වෙන්නේ කියන එක ලෙහෙසියෙන් වටහා ගන්න සරල නිදසුනක් දෙන්නම්... යුරෝපීය වැසියෙකුයි, මැද පෙරදිග වැසියෙකුයි, අපේ රටේ කෙනෙකුයි කාන්තාව කියන කෙනා දකින්නේ 'සංජානය කර ගන්නේ' කොහොමද කියලා පොඩ්ඩක් හිතලා බලන්න... එකිනෙකට බොහෝ වෙනස් විදියට. ඉතින් මිනිසා යථා ලෝකයක ජීවත් වන කෙනෙක් නම් මේ විදියට එකම කාන්තාව එකිනෙකට ඉතාමත් වෙනස් විදියට දකින්න පුළුවන්ද... බැහැනේ...
මේ සංකල්පීය ලෝකය තුළ දකින්න ලැබෙන තවත් ලක්ෂණයක් තමයි අපි හිතින් මවා ගන්න ලෝකය සහ යථා ලෝකය අතර වෙනසක් පැවතීම. පරතරයක් පැවතීම... බොහෝ විට හිතින් මවා ගන්න ලෝකය, යථා ලෝකයට වඩා සුන්දරයි හෝ අසුන්දරයි.
මෙහෙම වෙන්නේ ඇයි... ඒකට හේතුව තමයි මනසේ තියෙන පරිකල්පන ශක්තිය... එය සැම විටම පවත්නා තත්වයට ඔබ්බෙන් දෙයක් සිතනවා... ඒ අපේම යහපත වෙනුවෙන් වෙන්න පුළුවන්. නිදසුනක් විදියට අපි ආදරය ගැන පෙම්වතා පෙම්වතිය ගැන ඔලුවෙන් මවා ගන්න ලෝකය සැබෑ ලෝකයට වඩා බොහෝ වෙනස්. බොහෝ සුන්දර හීන දැකලා විවාහ වෙන අය ටික දිනකින්ම ඒ ගැන කලකිරෙනවා. තවත් කාලයක් යනකොට එපා වෙනවා. නැති නම් උදාසීන වෙනවා.
මිනිස් ලෝකය මේ තරම් හෝ දුරට ලස්සන හා අවලස්සන වෙලා තියෙන්නේ මේ පරිකල්පන හැකියාව නිසාම තමයි. ඒ හැකියාව ඉතාමත් ඉහල මට්ටමක තිබුණා නම් ජීවිතය බොහෝ ලස්සන වෙන්න තිබුණා. ඒත් මිහි මත ඒ හැකියාව තවමත් ඉතා ප්‍රාථමික මට්ටමකයි තියෙන්නේ.
අපේ යාලුවෙක්ගේ නෑ සහෝදරයෙක් මේ ලඟදි විවාහ වුණා. ඉතින් එයාගේ පෙම්වතිය යාලුවගේ ගෙදර ඇවිත් ගියාට පස්සේ එයාට එස් එම් එස් කරන්න පටන් අරගෙන. එයා කියනවලු අපරාදේ ඔයා කලින් හමු වුණා නම් කියලා. එන පොට හොඳ නෑ කියලා මෙයා හිමීට මෙසේජ් කරන එක නතර කරලා... යාලුවත් ඉතින් කුකුලා. අනිත් එක එයා කාන්තාවන් ගැන සමීක්ෂණය කරන කෙනෙක්... එයා අනියම් සම්බන්ධතාවලට කැමතියි. හැබැයි ඒක නියම් සම්බන්ධයක් වෙන්න එන පාටක් පෙනුණොත් එයා හිමීට ලිස්සලා යනවා ආඳා වගේ.
දැන් මේ අලුත් විවාපත් වුණ තරුණියට මොකද වෙලා තියෙන්නේ... එයා කියන හැටියට දැන් තරුණයා එයාට කතා කරන්නෙත් දවස් දෙක තුනකට සැරයක්ලු... දෙන්න සේවය කරන්නේ තැන් දෙකක... ඉන්නෙත් තැන් දෙකක. මේ දෙන්නාට ආර්ථික ප්‍රශ්නත් නෑ.. හොඳ වැටුපකුත් ලබනවා. හොඳ ගෙදරක් තියෙනවා. වාහනයක් තියෙනවා... ඉතින් මොකක්ද තියෙන ප්‍රශ්නේ.. ඒත් හිතේ සතුට කියන එක පලා ගිහින්... ඇයි මෙහෙම වුණේ...

භාවිත ලෝකය සුන්දර නොවෙන්නේ අපේ හිත් පරාර්ථකාමී නැති නිසත් ආදරණීය නැති නිසත්.
ආශාවේ ස්වභාවය තමයි එය තෘප්ත වූ සැනින් ක්‍රමයෙන් එය අතෘප්තියට පත් වීම... එහෙම නොවෙන්න නම් ආශාව සම්පූර්ණ තෘප්තියට පත් නොවී තබා ගන්න ඕනේ... ඒත් විවාහයට එලඹුනාම සියලු බාධක අහෝසි වෙලා යනවා... ඒ වගේම අයිතිකාරත්ව හැඟීම නිසා අන්‍යෝන්‍ය ගෞරවය, නැවුම් බව, මිතුරු බව නැති වෙලා යනවා... ඉතින් මෙතන එපා වීම අහන්නත් දෙයක්ද...
ඒත් අනියම් ඇසුරකට ගියාම එතන විශාල බාධක රාශියක් පවතිනවා... ඒ නිසා ආශාව පරිසමාප්ත තෘප්තියට පත් වෙන්න අවස්ථාවක් නෑ... ඒ වගේම අයිතිකාරත්වයක් නැති නිසා අන්‍යෝන්‍ය ගරුත්වය, නැවුම් බව, මිතුරු බව ආරක්ෂා වෙනවා... ඉතින් එතන ලොකු සතුටක් දැනෙන්න ගන්නවා. හැබැයි ඉතින් අර යුවතිය අර දෙවන තරුණයාව විවාහ කරගත්තොත් ඒ සම්බන්ධයට වෙන්නෙත් මුල් එකට වුණු දේමයි.
ඉතින් එහෙම නොවී සැමදා ආදරයෙන්, සතුටින් ජීවිතය පිරී යන්න නම් අපේ හිත් පරාර්ථයෙන් පිරී යන්න ඕනේ... ආදරණීයත්වයෙන් පිරී යන්න ඕනේ... අයිතිකාර හැඟීම ඉවත් කර ගන්න ඕනේ...
No comments:
Post a Comment