මරණාසන්න අත්දැකීම්, අන්තරාභවය හා මනෝකාය
මෙළොව අපි ගත කරන ජීවිතයේ නිමාව මරණයෙන් සටහන් වන විට, නැවත උපතක් ලබන තෙක් ගත කරන අන්තර්කාලික අවස්ථාවක් ලෙසින් තමයි අන්තරාභවය හැඳින්වෙන්නේ.
අන්තරාභවය සම්බන්ධයෙන් බුදුදහමේ දාර්ශනික ප්‍රභේදයන් දෙක තුළ (ථේරවාද සහ මහායාන) තියෙන්නේ එකිනෙකට වෙනස් අර්ථ දැක්වීම් දෙකක්. මහායාන ප්‍රභේදය එය භව දෙකක් අතර ඇති අතරමැදි අවස්ථාවක් ලෙසින් සලකන අතර, ථේරවාදී ප්‍රභේදය එය තවත් භව අවස්ථාවක් ලෙසින්ම සලකනු ලබනවා. මේ අතර, බටහිර රටවල මේ සම්බන්ධයෙන් සිදු කරන නූතන පර්යේෂණ, සිය දේවවාදී ආගමික දැක්ම සාධනය කිරීමේ දිසාවට යොමු වී තිබෙනවා. කොහොම වුණත් ඉතින් පෙරදිග බටහිර භේදයකින් තොරව සමස්ත ලෝකවාසීන්ගේම මේ ගැන තියෙන්නේ නම් බලවත් උනන්දුවක්.
අපේ මරණින් පස්සේ උපත ලැබිය හැකි ලෝක තල ලෙසින් බුදු දහමේ අවස්ථා විශාල ගණනක් දක්වනවා. ඒවා, සුගති භූමි සේම දුගති භූමි ද වනවා. ඉතින් මෙහෙම මරණින් පස්සේ උපදින්න පුළුවන් ජීව තලා ඕන තරම් තියෙද්දි භව දෙකක් අතර තියෙන අතරමැදි අවස්ථාවක් සේ සලකන්න පුළුවන් 'අන්තරාභවය' ගැන මොකටද මේ තරම් උනන්දු වෙන්නේ කියන ප්‍රශ්නයත් කෙනෙක් තුළ ඇති වෙන්න පුළුවන්...
ඒකට හේතුව තමයි, පැවැත්මේ අතරමැදි අවස්ථාවක් වුණත් අපට උපතක් සඳහා සුදුසු භව තලයක් ලැබෙන තෙක් ඇතැම් විට වසර විශාල ගණනක් පවා ලැගුම්ගෙන සිටීමට සිදුවීමත් ඒ වගේම එය ඉතාමත් සීමාසහිත ජීවන පැවැත්මක් ගෙන යාමට සිදුවන ස්ථානයක් වීමත් නිසා. එතනදී කෙනෙක් තුළ ප්‍රශ්නයක් ඇති වෙන්නත් පුළුවන්, සියවස් ගණන් ජීවත් වෙන්න සිදු වෙන ස්ථානයක් එහෙම පැවැත්මේ අතරමැදි අවස්ථාවක් වෙන්න පුළුවන්ද සහ සීමාසහිත පැවැත්මක් තිබීම යථාර්ථවත්ද කියන එක. මේකට ඉතින් පිළිගන්න පුළුවන් අන්දමේ පිළිතුරක් ලබා ගන්න නම් මේ සම්බන්ධයෙන් ගොඩක් පර්යේෂණ සිදු කරන්න වෙනවා.
මෙතනදී මුලින්ම අපට වැදගත් වෙන්නේ ඇත්තටම අන්තරාභවය කියලා පැවැත්මක් තියෙනවාද කියලා තහවුරු කර ගන්න එකයි... ඊට පස්සේ තමයි හොයන්න ඕනේ ඒ පැවැත්මේ ස්වභාවයන් ගැන.
අන්තරාභවය ගැන බුදුදහම තුළ අතීතයේ ඉඳන්ම කතා කරලා තියෙනවා... ඒත් වර්තමානයේ සමාජයේ මේ ගැන ඇති වෙලා තියෙන උනන්දුවට හේතුව, 'මරණාසන්න අත්දැකීම්' ලෙසින් හැඳින්වෙන අත්දැකීම් සමූහය.
No comments:
Post a Comment