චින්තනයක් සහිත, තම ඉරණම පිළිබඳ සවිඥානයක් සහිත, එය කලමනාකරණය කර ගැනීමට කටයුතු කළ හැකි මිහිමත නම් වෙසෙන එකම සත්වයා මිනිසා... ඒ වගේම ස්වභාවික ජීවිතයක් වෙනුවට තමන් නිර්මාණය කර ගත් සංකල්පීය ලෝකයක් තුළ දිවි ගෙවන එකම සත්වයාද මිනිසා... එනම්, මිනිසා කියන්නේ සංකල්පීය ලෝකයක් 'ස්වභාවික' කරගත්තු සත්වයෙක්... එහෙම වුණත් මේ ගොඩක් සංකල්ප තමන් විසින් නිර්මාණය කරගත්තු ඒවා නොවීමත් ගොඩක් ඒවා ආත්මාර්ථය මතින් පදනම් වීමත් නිසා අපේ ජීවිත පෞද්ගලිකවත් ඒ වගේම සමාජීය ලෙසත් විශාල ලෙසින් දුක්බර වී තිබෙනවා.
එයට වෙනස්ව සංකල්පවල කතෘන් සහ ඒවායේ පසුබිම විමසා බලමින් ලස්සන ජීවිතයක් අප එකිනෙකාටත් සමස්ත සමජයටත් උදා කරදීම අපේ අරමුණ... ආදරණීය, වින්දනීය ජීවිතයක්...
ඔබටත් මේ සඳහා වන අදහස්, සංකල්ප, සිතිවිලි තියෙන්න පුළුවන්... එහෙම නම් ඒ දේ අපේ සහෘදයන් සමගින් බෙදා ගනිමු ඉහත අරමුණ වෙනුවෙන්... ඔබේ ආදර්ශ ලිපියක් අපිට යොමු කරන්න. අපේ අරමුණු මතින් සැසඳෙන ප්‍රමාණය මත බ්ලොගයේ ලේඛයෙක් හෝ ලේඛිකාවක් ලෙසින් කටයුතු කරන්නත් අවස්ථාව සලසා ගන්න පුළුවන්.
No comments:
Post a Comment