''සිඟිති, මගේ මාමගේ දුව. පොඩි කාලේ ඉඳලම අපි දෙන්නා හැදුණේ වැඩුණේ එකට. නොදන්න කාලේ ඉඳලම අපි දෙන්නටම දෙන්නා නැතිව බෑ. වහලට හබරල කොළ දමල හදන සෙල්ලම් ගෙදර අම්ම, සිඟිති.... තාත්ත, මම...''
සිඟිතිට එයාගේ ගෙදරින් දෙන කෑම එයා නොකා ඔතාගෙන එන්නේ ඉස්කෝලෙදි මට කන්න දෙන්න. එයා බත් කටක් කාලා, මම දිහා ආදරෙන් බලන් ඉන්නේ හරියට තමන්ගේ දරුවට බත් කවන අම්ම කෙනෙක් වගේ.
මේ ටිකෙන්ම අපිට පේනවා පුංචි කාලේ ඉඳලම මේ දෙන්නගේ තිබුණු බැඳීම, සෙනෙහස...
මෙන්න මේ අතරෙදි තමයි සිඟිතිගේ පියා මිය යන්නේ. ඒත් එක්කම දරිද්‍රතාවට ඇද වැටෙන ඇගේ මවට සිදු වෙනවා සිඟිතිගේ පාසල් ගමන නතර කරන්න. ඒත් ධනුෂ්ක වගේම සිඟිතිත් ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි. දෙන්නම විශිෂ්ට විදියට සාමාන්‍ය පෙළ සමත් වෙනවා. මේ නිසා ධනුෂ්කට තමන් පණ වගේ ආදරය කරන සිඟිතිගේ පාසල් ගමන නතර වෙන්න යන්න එක දරා ගන්න අපහසු වෙනවා.

මේ වගේ වෘත්තියක තියෙන නොමනාකම් හැම දේකින්ම ඔහු ඈත් වෙලා ඉන්නේ සිඟිතිගේ ආදරය ඔහුගේ ජීවිතය පුරවලා තිබුණු නිසයි. ඒ නිසා අතට හමු වෙන දේ ඉතිරි කරගෙන පවුල් දෙකම බලා ගන්න ඔහුට හැකි වෙනවා. සිඟිති, හොඳින් උසස් පෙළ සමත් වෙලා සරසවි පිවිසුමත් ලබනවා. ඒත් ඇය මේ වතාවේ තව දුරටත් ඉගෙනීම නතර කරන්න හිතුවාම ඔහු ගොඩක් කෝප වෙලා ඇයව දිරි ගන්වනවා කැම්පස් යන්න.
ඇයට සරසවි අධ්‍යාපනයට උපකාර කරන්නෙත් ඔහු. ඒත් ටික දවසකින්ම සිඟිති, කැම්පස් එකේදි හමු වූ ලස්සන තරුණයෙක් එක්ක පෙමින් බැඳෙනවා. බහ තෝරණ කාලයේ ඉඳන් ටිකෙන් ටික වැඩි වෙලා අවසානයේ ආදරයක් බවට පත් වූ මේ බැඳීමේ වියෝව දරා ගන්න කොහොමවත්ම ධනුෂ්කට පුළුවන් වෙන්නේ නෑ. ඔහු මේ දරා ගන්න බැරි ජීවිතයෙන් පලා යන්නේ කවදාවත් කටේවත් නොතියූ මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන්.

දේවතාවියක් වගේ ඔහුට පිහිට වුණු මේ යුවතිය ඔහුට හෝටලයකුත් තනා දීලා පසුව විවාහ කර ගන්නත් යනවා. කතාව අවසන් වෙන්නේ එහෙම.
දැන් මෙතන මනුෂ්‍යත්වය සම්බන්ධ ප්‍රශ්න ගණනාවක්ම මතු වෙනවා. මුල්ම ප්‍රශ්නේ තමයි, ළමා කාලේ ඉඳන්ම අම්ම කෙනෙක් වගේ සෙනෙහසින් ඉඳපු සිඟිති මෙහෙම වෙනස් වුණේ කොහොමද කියන එක. එයා පසුව ආත්මාර්ථයේ ගොදුරක් බවට පත් වුණාද... එහෙමත් නැති නම් මුල ඉඳන්ම ඒ ස්වභාවය ඇය තුළ සැඟවිලා තිබුණාද...?
මෙතනදී අපිට හොඳින් පරීක්ෂා කළාම වටහා ගන්න හැකි වන දේ තමයි මුළ ඉඳන්ම සිඟිති ආත්මාර්ථකාමී කෙනක් කියන එක. එහෙම නොවේ නම් ධනුෂ්ක තමන්ගේ අධ්‍යාපනය නතර කරලා වෙරළට බහින්න යනකොට ඒකට ඉඩ දීලා බලන් ඉන්නෙ නෑ. එතන තමයි පොයින්ට් එක. සිඟිති ඇගේ අම්මා කුරුඳු වැඩ පොලේ වැඩට යනවට කැමති වෙන්නේ නෑ. අම්මට කියලා හම්බ කරගෙන කන්නේ කොහොමද කියලා. ඒත් ධනුෂ්ක අධ්‍යාපනයත් නතර කරලා වෙරළට බහින එක එයා ඉවසනවා. එයා ඒකටත් විරුද්ධ වෙන්න ඇති සමහර විට. ධනුෂ්ක, කියන දේ අහන්නෙ නැතිව ඉන්නත් ඇති. ඒත් එයාට කියන්න තිබුණා ''අයියේ ඔයා හම්බ කරලා ගේන ඒවයින් මම විතරක් ඉගෙන ගන්නේ නෑ... එක්කෝ අපි දෙන්නම පාරට බහිමු'' කියලා.
දැන් ඊලඟට ඇති වෙන ප්‍රශ්නේ තමයි එතකොට සිඟිතිගේ මුල ඉඳන් තිබුණු ආදරය සෙනෙහස මොකක්ද කියන එක. ඇත්තටම අපි අපේ මානසික හෝ කායික අවශ්‍යතාවන් ඉටු කරන අය එක්කත් තදින් බැඳෙනවා. ඒක ආදරය නොවෙයි බොහෝ දුරට. ඉතින් එහෙම බැඳීමක් තමයි ඇය තුළ තියෙන්න ඇත්තේ. ආදරයක් තිබුණා නම් මේ වගේ කුරිරුකමක් කරන්න තියා හිතන්නවත් ඇයට පුළුවන් වෙන්නේ නැහැනේ.
ඉතින් මේ අවශ්‍යතාවන් වඩාත් හොඳින් ඉටු කරන කෙනෙක් අපිට හමු වෙනකොට අපිට මුල් කෙනා කුණු මාලු කෑල්ලක් වගේ පේන්න ගන්නවා. කරදරකාරයෙක් බවට පත් වෙනවා.
මොනවා වුණත් මේ තරුණයාගේ ඉරණම ඛේදාන්තයක් නොවී සුඛාන්තයක් බවට පත් වීම මනුෂ්‍යත්වයේ නාමයෙන් ගත් විට ලොකු සැනසිල්ලක් නේද...
ඉතින් අපේ ජීවිතයත් මේ වගේ ආත්මාර්ථකාමී අයගෙන් ඛේදවාචකයක් බවට පත් වීම වලක්වා ගන්න නම් ඔවුන්ව මුලින්ම තේරුම් ගැනීමේ යතුරු අප විසින් තනාගෙන තිබිය යුතුයි. ඒ සඳහා වන තර්ක බුද්ධිය ගොඩ නැගෙන්න මේ කතිකාව ඉවහල් වුණා නම් එයයි මගේ සතුට....
No comments:
Post a Comment