පේරාදෙනිය සිසුවියගේ අනුවේදනීය ජීවිතයෙන් සමුගැනීමේ සිදුවීමත් සමග සමාජ ජාල තුළ හුවමාරු වූ අදහස් අතර ඒ දෙස මානුෂිකව හා බුද්ධිමත්ව බැලීමක් දක්නට තිබුණේ නෑ. ඇය අඥාණ තරුණියක් බවත්, ඒ වගේම ඇය මෙයින් පසු හතර අපායේ යන බවටත් අපහාස කර තිබුණා. පුද්ගලයෙක් ජීවිතයෙන් සමු ගැනීමට තීරණය කරන්නේ තමන්ට ඇති ප්‍රශ්නයට ඇති එකම විසඳුම එය ලෙසින් පෙනී යාම සහ විශාල අපේක්ෂා භංගත්වය නිසා.
එයට වෙනසත් පිළිගත හැකි විසඳුමක් තමන් තුළින් හෝ පිටතින් හෝ ඇති බවක් පෙනී යන්නේ නම් කිසිවෙක් මෙවැනි තීරණයකට යන්නේ නෑ. දිවිය තොර කර ගැනීම අපට කිසිසේත් අනුමත කරන්න බැරි වුණත් එය ඒ පුද්ගලයාගේ කෝණයෙන් බලා අවබෝධ කර ගැනීමට හැකියාවක් අපට තිබිය යුතුයි. එවැනි සංවේදී මිනිසුන් නොමැති වීම නිසාමයි මෙවැනි සිදුවීම් වාර්ථා වන්නේත්. මහා බුද්ධිමතුන් ලෙසින් බක පන්ඩිත කතා කියන පුද්ගලයන් තුළ ඇත්ත වශයෙන්ම ගත්විට මානව දයාව හෝ ගරුත්වය නැහැ.
ආදරය වනාහී මේ ලොව ඇති බලවත්ම වගේම සුන්දරතම හැඟීම. මෙහිදී පුද්ලයා සම්පූර්ණයෙන්ම පාහේ අනෙක් පුද්ගයා තුළ දිය වී යාමක් සිදු වෙනවා. එවැනි පසුබිමක ඒ ආදරය බිඳී වැටීම යනු ඒ පුද්ගයාගේ ආත්මීය විනාශයක් වනවා. එය කවරෙකුට වුණත් දරා ගැනීමට හැකියාවක් නෑ. එහෙත්, මෙසේ වන හැම කෙනෙක්ම ජීවිතය තොර කර ගැනීමට ක්‍රියා කරන්නේ නෑ. එයට හේතුව ඒ ඒ පුද්ගයාගේ සිතේ ස්වභාවය.
පවුලෙන් හෝ පිටත සමාජයෙන් හෝ වෙනත් සංවේදී ආදරයක් අර සිසුවියට ලැබෙමින් තිබුණේ නම් මේ අවාසනාවන්ත සිදුවීම වලකා ගන්නට තිබුණා. කෙනෙක් ජීවිතයෙන් සමු ගන්නට සිතන්නේ තමන් ලෝකය තුළ සම්පූර්ණයෙන්ම අසරණය, හුදකලාය කියන හැඟීමත් එක්ක.
පුද්ගලයෙක් දිවි නසා ගත් විට හතර අපායේ යන්නේය යන්න එය වැලැක්වීමේ අටියෙන් බිය ගැන්වීම සඳහා යොදන ලද්දක් මිස එහි කිසිදු සත්‍යතාවයක් තිබිය නොහැකියි. අනෙක් අතට අප කරන හොඳ නරක ප්‍රතිපල අප වෙතටම විවිධ ආකාරයෙන් පැමිණෙනවා මිසක ''අපාය'' නමින් ආයතනයක්ද ලොව පැවතිය නොහැකියි. එය වෙනම කතා කළ යුත් කරුණක්. දිවි නසා ගත් විට හතර අපායේ යන්නේ නම් ''නිවන්'' දැකීමට ක්‍රියා කරන විටද පුද්ගයා අපායගාමී විය යුතුයි. මන්ද එහිදී කරන්නේද එක් වරකට නොව සම්පූර්ණ සසර ගමනටම බලපාන පරිදි අපේ ආත්මය නසා දැමීම වන බැවින්. එසේ නම් බලවත්ම අපායගාමී ක්‍රියාව නිවන් දැකීමයි.
කළ යුතුව ඇත්තේ, පුද්ගලයන් දිවි තොර කර ගන්නට යොමු වන හේතූන් නැති කිරීම මිස බිය ගැන්වීම නොවෙයි. නීතිය තුළින් කරනු ලබන්නේද බිය ගැන්වීම තුළින් අධෛර්ය කිරීම පමණයි. එහෙත් මේ කිසිදු ක්‍රියා මාර්ගයක් තුළින් මේ ලෝකයෙන් සමු ගන්නා අසරණ හදවත් නැවැත්වීමට නම් හැකි වී නෑ.
Saturday, June 3, 2017
Thursday, February 9, 2017
ආදරය කරන්නෝ කොහි වෙත්ද...?
ආදරය නම් සංකල්පය විනාශ වීම සිදු වෙන්නේ එය ජනගත වීමත් එක්කයි කියලා මගේ ආදර අවනඩුව ටෙලි සිත්තමේදී කියවුණා. සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ''මේ තරම් සියුමැලිද කලු ගල්'' ගීතයේදී මිනිස් සිත්වල පවත්නා රළු ස්වභාවය ඉතාමත් සංවේදී ආකාරයෙන් ප්‍රකාශයට පත් කෙරෙනවා.
ආදරයට එරෙහි බලවත්ම සතුරා වන ''ආත්මාර්ථය'' අපට එන්නේ ජාන වලින්මයි. ඒ නිසා එයින් ගැලවෙන එක විශාල සටනකින් කළ යුත්තක්. ඒක ජය ගන්න සමත් වෙන්නේ එහෙමත් කෙනෙක්. ඒත් අද කාලයේ නිවන් දකින්න පාර කියන්නෙත් ආත්මාර්ථය තුළින්. එවිට ඒ මග ගමන් කරන පුද්ගලයා නතර වන ස්ථානය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.
සතුන් ආත්මාර්ථකාමී වුණත් ඔවුන්ගේ ලෝකය දෘෂ්ටිවාදයන්ගෙන් කිළිටි වී නැති නිසා ඔවුනට මහේක්ෂ තලයේ බැරි වුණත් ක්ෂුද්‍ර තලයේ ආදරයක් දැඩි ලෙසින් ගොඩ නගා ගන්න හැකි වෙනවා. අඵි ආදරය ගැන කතා කරන්න, මේ දිනවල විකාශනය වෙන ''බැද්දෙ කුලවමිය'' ටෙලි සිත්තම යොදා ගත්තොත් අපිට වටහා ගන්න පුළුවන් තේමිය හෝ චංචලා හෝ සැබෑ අර්ථයෙන් එකිනෙකාට ආදරය නොකරන බව.
ආදරය කරන කෙනෙක්ගේ ආත්මය තෘප්තියට පත් වෙන්නේ අනෙකාට කුමක් හෝ සත්කාරයක් කිරීමෙන්. ඒත් චංචලා හෝ තේමිය ඒ සඳහා උනන්දුවක් දක්වන බවක් පේන්න නෑ. තේමියගේ බොහෝ කටයුතු සිදු වෙන්නේ චංචලාගේ මවගේ අතින්. ඒ වගේම තේමිය වුනත් චංචලා කෙරෙහි සත්කාර වන අවස්ථාවන් දකින්න නෑ. කොළඹට මාරුවක් හදා ගන්නා විට ඔහු තරමක් දුර බැහැර ප්‍රදේශයකට එය හදා ගන්නේ ඔහුගේ ආත්ම තෘප්තිය වෙනුවෙන්. ඒත් මේ නිසා චංචලාට ඔහු නැතිව දින ගණන් ගත කිරීමට සිදු වෙනවා. ආදරය කරන කෙනෙක් හැම විටම උත්සාහ ගන්නේ එකිනෙකාගේ ලඟින් ඉන්න අවස්ථාවක් හදා ගන්න.
ඒ වගේම තේමියගේ නිවස කියන්නේ චංචලාට සැනසීම ගෙන දෙන ස්ථානයක් වන්නේත් නෑ. ඒ නිසා හොඳම විසඳුමව තිබුණේ ගමෙන් නික්මී වෙනත් ස්වාධීන ප්‍රදේශයකට ඔවුන් යාම. ඒ වගේම චංචලාගේ මව ගමේ තනිකර දමායි ඔවුන් පැමිනෙන්නේ. එතනදීත් මේ දෙදෙනාගේ ''ආදරය'' විශාල ලෙස ප්‍රශ්න කෙරෙනවා. මීට තිබුණු හොඳම විසඳුම, තේමියගේ නිවසටත් යාම් ඊම් කළ හැකි දුරක ඔවුන් වෙනම පදිංචි වී චංචලාගේ මව ඔවුන් සමග නවත්වා ගැනීම. එවිට දෙපාර්ශවයේම මව්වරුන් තනි වන්නේ නෑ.
මං දන්න යුවළක් ඉන්නවා ඒ දෙන්නා බොහෝ දුරට එකිනෙකාට ආදරයෙන් සතුටින් ඉන්න බවක් තමයි බාහිරයට විද්‍යමාන වෙන්නේ. ඒත් හොඳින් විමසා බැලුවාම පේනවා ඒ දෙන්නා අතරත් පවිත්‍ර ආදරයක් නොමැති බව. ඔවුන් විවාහ වී වසර 4ක් ගත වුණත් මිතුරාට තවමත් බැරි වුණා ඔවුන්ගේ මංගල ඡායාරූප ඇල්බමය නිම කර ගන්න. යුවතියක් ඉතාමත් ආපේක්ෂා සහගත වන දෙයක් ඒ දිනයේ තමන්ගේ සොඳුරු සිත්තම් දැක බලා ගැනීම සහ අන් අය සමග බෙදා ගැනීම. ඒ වගේම පෙම්වතා ඇයට ආදරේ නම් ඇයට වඩා උනන්දුවක් ඔහුගේ සිතේ ඇති වෙනවා නිතර නිතර ඒ සොඳුරු අවස්ථාව දැක බලා ගන්න.
ඒ වගේම දිනක් මම පරිගණක මෘදුකාංගයක් ස්ථාපිත කර ගන්න ඒ මිතුරාගේ නිවසට ගියා. ඒ සඳහා තරමක වෙලාවක් ගත වුණත් එය සාර්ථක ගන්න අපහසුවයි අපි සිටියේ. ඒ අතරේ ''අයියා.... මල ගෙදර යන්නේ කීයටද...'' කියලා මිතුරාගේ බිරිඳ දුර ඉඳන් ඇසුවා. මල ගෙදර, පසුවදා වුණත් යන්න පුලුවන්. එහෙත් ඇයට ඕන වුණේ මේ කරන කාර්යය සඳහා ගත වූ කාලය වැඩි යැයි සලකා එය අවසන් කිරීම. එය ඔහුගේ අවශ්‍යතාවක් නොව ඇගේ අවශ්‍යතාවක්. ඒ තුලින් මිතුරා වෙනුවෙන් ඇගේ හදවතේ පවතින ආදරය පිළිබිඹු වෙනවා.
මේ වගේ ඉතාමත් සරල බැලූ බැල්මට කිසිත් විශේෂයක් නොපෙනෙන සිදුවීම් තුලින් අපිට ජීවිතය ගැන, අපේ සිතිවිලි ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුලුවන්. එවැනි විශ්ලේෂණයක් තුළින් අපිට අපේ සිත්වල පවතින කිළිටි සෝදා හැර ගන්න එය අවස්ථාවක් කර ගන්න පුළුවන්.

Tuesday, January 3, 2017
මේ ආදරයද...? The Meaning of Love
''මගේ ආදර අවනඩුව'' ටෙලි නාට්‍යය නිමා වුණා. එහි අවසානයේ මෙහෙම සඳහන් වුණා.
''අතීතය ඔබට මුණ ගැසේ නම් තවත් භවයක
ආදරී මා නැතිව වැලපුණු අන්දම පවසන්න දවසක...".
ඇත්තටම නම් ඒක මෙහෙමයි සඳහන් වෙන්න ඕනේ කියලා මට නම් හිතෙන්නේ...
''අතීතය ඔබට මුණ ගැසේ නම් තවත් භවයක
ආදරේ මා නැතිව වැලපුණු අන්දම පවසන්න දවසක...".
මොකද ඔහු සමාජයට ආදරය කළ, පවුලට ආදරය කළ ප්‍රතිපත්තිගරුක ආදරණීය පුද්ගලයක් නිසාවෙන්. ඔහු නොමැතිකමින් වැලපෙන්නේ ඔහුගේ පෙම්වතිය නොව ''ආදරයයි''.
නේශාධ දුලාට වඩාත් ලං වෙන්නේ ඇය මාලින්ද හමුවේ පීඩාවට පත් වන්නියක්ය යන තතු ඔහුට දැන ගන්නට ලැබීමත් සමග. මේ නිසා, දෙදෙනෙකුගේ ආදරයක් මැදට පැමිණ එය විනාශ කළ පුද්ගලයෙක්ය යන චෝදනාව ඔහුට නැගිය හැකි වන්නේ නෑ.
කොහොම වුණත් අවසානයේ වෙන්නේ මොකක්ද... නේෂාධ සහ මාලින්ද අතර ගැටුමේදී දුලා විසින් මාලින්දට පහර දීම අපට සාධාරණීය කරන්න බෑ. මාලින්ද නේෂාධව මරන්න හදන මොහොතක එහෙම කළා නම් හැර. මේ නිසා දුලා සතු මනුෂ්‍යත්වය ඇත්තටම ප්‍රශ්නයට බඳුන් වන්නේ මේ අවස්ථාවේදීයි. එතැනදී මනුෂ්‍යත්වය කඩ කරන ඇය අන්තිමේ නේෂාධ හමුවේ ද්‍රෝහී වීම කිසිසේත් අරුමයක් වන්නේ නෑ.
අපිට 'විද්‍යාවක්' අවශ්‍ය වෙන්නේ දෙයක් වුණාම ඒකට හේතු හොයන්න නෙවි. දෙයක් වෙන්න කලින් ඒක වළක්වා ගන්නයි. ඒක නිසා කෙනෙක් තුළ මනුෂ්‍යත්වය කොයි තරමින් පවතිනවාද කියන එක කල් ඇතිවම දැන ගැනීම තුළින් අපිට විනාශයක් සිදු වීම වලක්වා ගන්න පුළුවන්. කෙනෙක්ව කල් ඇතිවම තේරුම් ගන්නේ කොහොමද කියන එකට න්‍යායාත්මක පසුබිමක් අපි ''මිනිසුන් හඳුනා ගැනීම'' ලිපියෙනුත් සකසා දුන්නා.
දැන් මෙතනදීත් අපිට පුළුවන්ද දුලා ආත්මාර්ථකාමී කෙනෙක් කියන එක කල් ඇතිව හඳුනා ගන්න. ඇත්තටම පුලුවන්. ඒ තමයි එයා නේෂාධට කතා කරන්න ඉදිරිපත් වෙන්නේ එයාගේ තනිකම පාළුව මකා ගන්න. පස්සේ නේෂාධගේ වුවමනාවටයි ඒක ආදර සම්බන්ධයක් බවට පෙරලෙන්නේ. ඒ වගේම නේෂාධගේ රූපය දැක්කාම, ඒ වගේම එයා රැකියාව සම්බන්ධයෙන් බොරු කළා කියලා දැන ගත්තාම එයා සම්පූර්ණයෙන්ම ඔහුව අමතක කරන්න තීරණය කරනවා.
මගේ යාලුවෙක් ඉන්නවා එයා සෑහෙන්න බුද්ධිමත් කෙනෙක්. දාර්ශනිකව ලෝකය දකින කෙනෙක්. ඒත් එයා තුළ අභ්‍යන්තර ගැටලු ගණනාවක්ම තියෙනවා. ඒවා ගැන විශ්ලේෂණය කරන්න මේක අවස්ථාවක් නෙවි. මෙතනදී අපි කතා කරන්න යන්නේ එයාගේ සහ පෙම්වතියගේ ආදරය ගැන. මන් එයාට කිව්වා ඔයා ඉස්සරහට ඩොක්ට කෙනෙක් වෙලා වෙනම පන්ති සමාජයකට ඇතුල් වෙනකොට ඔය දුප්පත් පෙම්වතිය ඔයාට එපා වෙන්න ඉඩක් තියෙනවා කියලා. මොකද, එයා වෙනස් නොකරනවා කිව්ව සමහර දේවල් වෙනස් කරලා තියෙන ආකාරය මන් දන්න නිසා. එආත් එයා කිව්වා 'මන් ආදරය හොයලා හොඳටම විඩාපත් වෙලා ඉන්නේ. මේක මගේ අවසාන ආදරය. එයා මාව දාලා ගියොත් හැර මම නම් මොන හේතුවක් නිසාවත් එයාව දාල යන්නේ නෑ.'' කියලා.
මම එතකොට කිව්වා, ''ඒ ගැන මට නිගමනයකට එන්න තවම කල් වැඩියි'' කියලා. ''එයාගෙන් මට ඕන තරම් ආදරය හම්බ වෙනවා. ඔක්කෝටම හොරෙන් බත් කටක් අරන් පාරට ඇවිත් මට කවනවා. මගේ ආත්මය එයා සරසනවා. සනසනවා. එයා මට වඩා ගොඩක් වයසින් බාලයි. ලස්සන සුදු කෙනෙක් නොවුණත් එයා කැත නෑ. ඒ වගේ කෙල්ලෙක් මට ආයිත් හොයා ගන්නත් බෑ'' කියලා එතකොට එයා කිව්වා.
ඒ වගේම එයා පිලිගත්තා ඒ කිව්ව කාරණා එයාගේ පැත්තෙන් සලකලා කිව්ව ආත්මාර්ථකාමී ඒවා කියන එකත්. නමුත් එහෙම කිව් පමණින් අපිට පිලිගන්න බෑ එයා වෙනස් නොවේවි කියලා. මොකද එයා ඇත්ත අර්ථයෙන් පෙම්වතියට ආදරය කරන්නේ නැති නිසා. ඇත්ත අර්ථයෙන් ආදරය කරනවා නම් අර සාධක ටික ඉදිරිපත් කරන්න ඕන වෙන්නෙ නෑ. එහෙම කරනවා නම් එයා කියන්නේ, 'ආදරය කරන කෙනෙක් දාල යනවා කියන වචනයේ තේරුම දන්නේ නෑ'' කියන කරුණ. ඒක ඒ විදියටම හෝ ඒ ආසන්න තේරුමක් එන ආකාරයෙන්.
තමන් වෙනස් නොවේවි කියලා පෙන්වන්න අර වගේ සාධක ඉදිරිපත් කරන්න ඕන නෑ. ඒවා ඉදිරිපත් කිරීම තුල තියෙන්නේම එයාගේ පෙම්වතියට තියෙන ආදරය පදනම් වෙන්නේම එයාගෙන් ඔහුට ලැබෙන ඒ දේවල් මත කියන එක. ඒ දේවල් ටික ලැබෙන එයාට වඩා ලස්සන, ඉහල සමාජයක කෙනෙක් හමුවේ මේක කඩා වැටෙන්න ඉඩක් නෑ කියලා අපිට සහතික වෙන්න බෑ.
ඒ වගේම මේ යාලුවා, ''බඩු ගහනවා'', ''කෙල්ලට ගහනවා' කියන වචනය නිතර පාවිච්චි කරන කෙනෙක් තමන්ගේ නොවන වෙනත් සිද්ධි විස්තර කිරීමේදී. තමන්ගේ පෙම්වතියට ඇත්තට ආදරය කරන කෙනෙක් කාන්තාවක් එක්ක කායිකව එකතු වීම සඳහා මේ වගේ අසික්කිත වචනයක් පාවිච්චි කරන්න හැකීයාවක් කොහෙත්ම නෑ. එහෙම කෙනෙකුට ඒ වගේ වචනයක් ඇහුණත් හිතට දුකයි. කෙල්ලට ආදරය කරන කෙනෙක්ට ගණිකාවක් දැක්කත් හිතෙන්නේ ''අනේ මෙයා මේක ඇත්හැර දාලා ලස්සන ජීවිතයක් ගත කලා නම්'' කියලා.
''ආදරය'' කියන දේ තනි මනුස්සයෙක් පමණක් ඉලක්ක කරගෙන කරන්න බෑ. ඒක පොදු විශ්වීය දෙයක්. තනි කෙනෙක් ඉලක්ක වෙනවා නම් එතන තියෙන්නේම ආත්මාර්ථකාමීත්වය. එයාගෙන් ලැබෙන දේවල් නිසා ඇති වී තියෙන ඇලීම. ඒ ඇලීම ඊට වඩා හොඳ ඇලීමක් හමුවේ බිඳිලා යනවා. නැති නම් කාලයත් එක්ක රැස් අඩු වෙලා යනවා.
ඒ වගේම මේ පෙම්වතියත් මේ මොහොතේ තමන්ට ලැබෙන ඉතාමත් හැඟීම්බර ආදරය, ඔහුගෙන් ලැබෙන ආරක්ෂාව, දැනුම, ජීවිතාවබෝධය සහ ආත්මය නගා සිටුවීම වගේ කාරණත් එක්ක ඔහු හා ඉතාමත් තදින් බැඳී ඉන්නවා. ඒත් ඇයගේ 'තත්වයනුත්'' ඉදිරියේදී වෙනස් වෙන්න පුලුවන්. ඇයත් ආත්මාර්ථකාමී කෙනෙක් කියන එක ඔහුගේ ලැප්ටොප් පරිගණකය තමන් ළඟ තියෙන්න ඇරීම තුළින් වටහා ගන්න පුළුවන්. ඒක ඔහුගේ ජීවිතය එක්ක ගොඩක් තදින් බද්ධ වෙලා තියෙන දෙයක්. අඩු වශයෙන් ඔහු ලඟත් මේක දිනක් දෙකක්වත් තියෙන්න අරිනවා නම් අපිට හිතන්න පුළුවන් ඇය ඔහු ගැන හිතන බව.
අනිත් එක ඇය කලින් පෙම්වතාටත් කියලා තියෙනවා ලැප් එකක් අරන් දෙන්න කියලා. ආදරය කරන කෙනෙක් ඒ ආකාරයට දේවල් අමුවෙන් ඉල්ලලා ගන්න සිරිතක් නෑ. ලේසියෙන් ඉල්ලීමක් නොකරන අතරම අත්‍යවශ්‍ය ඉල්ලීමක් වුණත් කරන්නේ ඉතාමත් ආදරණීය ලෙස සහ අනෙකාගේ පැත්තෙනුත් කල්පනා කරමින්. ආදරය කරන කෙනෙක් සතුටු වෙන්නේ අනෙකාගෙන් ස්වේච්ඡාවෙන් ලැබෙන දේවල් තුලින්.
ඉතින් මේ අනුව මේ දෙන්නා අතර තියෙන්නේ සැබෑ ආදරයක් නොවෙන නිසා මේක ''තත්වයන්ගේ' වෙනස් වීමත් එක්ක කඩා වැටීමේ අවදානමින් යුතුයි. ඒ වගේම මේ අයට සැබෑ ආදරයේ ගුණ සුවඳ විඳින්න අවස්ථාවත් අහිමි වෙලා යනවා. වඩාත්ම ඛේදනීය තත්වය තමයි ඒක. ඇත්ත ආදරයේ ගුන සුවඳ විඳින කෙනෙක් හොයා ගන්න හරිම අමාරුයි මේ ලෝකයේ. මන් මේ ලිපිය ලිව්වේ රැකියාවෙන් වරුවක නිවාඩුවක් අරන්. ඒ, ඔබ අතරින් එක්කෙනෙක් හරි ජීවිතය ලස්සන ඉමකට ගෙන යන්න එහි ජීවිතාශ්වාදය විඳින්න උත්සාහ කරාවි කියන අපේක්ෂාවෙන්.

Subscribe to:
Posts (Atom)