පසුගිය පෝයදා දෙරණ රූපවාහිණියෙන් විකාශය වුණු ''නික්ම යෑම'' නම් පෝදා නාට්‍යය මගින් පෙන්වා දෙන්නට උත්සාහ කළ මුඛ්‍ය කරුණක් වූයේ කවර කරුණක් මත වුවද මාපිය සිතැඟි වලට එරෙහිව කටයුතු කිරීම බරපතල පාපකර්මයක් හා වරදක් බව. කතාවේ ආකාරයට ආදරවන්තයන් යුවලකගේ සම්බන්ධයට ආදරවන්තයාගේ පියා තදින්ම විරුද්ධ වන්නේ ආදරවන්තිය දුප්පත් වීම නිසාවෙන්. තරුණයාගේ පියා විරුද්ධ බැවින් සදාචාරවාදී නොවේය යන පදනම මත තරුණියගේ මාපියන්ද මේ සම්බන්ධයට විරුද්ධ වනවා.
අවසානයේ ආදරවන්තයන්ට සිදු වන්නේ දෙපැත්තේම මාපියන් නොමැතිව තනිවම ජීවිතයට මුහුණ දීමට සිදු වීම. කෙසේ වුවත් කතා රචකයා පෙම්වතුන් ලවාම අපට කියවන්නේ කවර තත්වයක් මත වුවත් මාපිය සිතැඟි වලට විරුද්ධ වීම නොකළ යුතු මහා පාපකර්මයක් බවයි. කිසිවක්, වරදක් හෝ පාපකර්මයක් වන්නේ කවර ආචාර ධර්මීය පදනමක් මතද?
එයට පොදු සූත්‍රයක් තනා ගැනීමට අපහසුයි. එයට හේතුව වන්නේ එය ''තත්වයන්'' අනුව බෙහෙවින් වෙනස් වන සුළු බැවින්. ''යම් ක්‍රියාවක් නිසා යම් කවර හෝ අයෙකුට අගතියක් වන්නේ නම් එය වරදක්'' ලෙසින් අර්ථ දක්වන්න පුළුවන්ද... බැහැ. යමෙක් තවත් අයෙකුගෙන් ලිංගික එක්වීමක් සඳහා ඉල්ලීමක් කරනවා යැයි සිතන්න. එහෙත් එයට අනෙකාගේ සිතේ කිසිදු කැමැත්තක් නැහැ. එවිට අපට කියන්න පුළුවන්ද එම ඉල්ලීමට එකඟ නොවීම මගින් අනෙකාට අගතියක් වීම නිසා එය වරදක් යැයි කියා. එයට එකඟ වීම සිදු වුණොත් අනෙකාට අගතියක් සිදු වෙනවා. මේ නිසා මේ සිදුවීම ගත් විට අපට කියන්නට සිදු වෙන්නේ, ලිංගික එක්වීමක් සිදු විය යුත්තේ දෙදෙනෙකුගේ ස්වාධීන කැමැත්තෙන්ම පමණක් විය යුතු අතර ඒ සඳහා බල කිරීමට ඒ දෙදෙනාට හෝ වෙනත් කිසිවෙකුට හෝ බල කිරීමට අයිතියක් නොමැති බව.
වැඩිහිටි, ආදර සම්බන්ධයක් ගත් විට එයට එරෙහි වීමට නොව, තමන්ගේ අකමැත්ත හෝ ප්‍රකාශ කිරීමට සදාචාරාත්මක අයිතියක් මාපියන්ට ඇත්තේ හුදෙක් එය තමන්ගේ අදහසක්, උපදෙසක් ලෙසින් පමණයි. එවිට කෙනෙකුට ප්‍රශ්නයක් මතු වෙන්න පුළුවන් යමෙක් රැවටීමකට හසු වෙන්න යන විටක හෝ එයට විරුද්ධ වීමට අයිතියක් නැද්ද කියා. තිබෙනවා. ඒත් ඒ සත්‍යය පහදා දීමෙන්. එය වටහා ගැනීමට ඔවුනට නොහැකි නම් හොඳම දෙය එය අත්දැකීමෙන්ම වටහා ගැනීමට ඉඩ හැරීමයි.
තමන්ව මේ ලෝකයට ගෙනවිත් කවා පොවා හදා වැඩීම කිසි ලෙසකින් යලි පියවිය නොහැකි උතුම් කාර්යයක් වුණත් ඒ උතුම් බව එයට ලැබෙන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාපියන් දරුවන්ට ආදරය කළහොත් පමණයි. එසේ නොවී තමන්ගේ ආත්මය අඛණ්ඩ කර ගැනීමට, තම දේපළ තම මරණයෙන් පසුවත් අඛණ්ඩ කර ගන්න, තමන්ගේ සිහිනයන්, බල වුවමනාවන් දරුවන් ලවා ඉටු කර ගන්න යම් මාපියෙක් කටයුතු කරන්නේ නම් ඔවුන් හා, මසට සතුන් ඇති කරන්නෙක් අතර වෙනසක් ඇත්තේ නෑ.
දරුවන්ට ආදරය කරන මාපියන් කිසි විටක පටු ආස්ථානයන් මත සිටිමින් දරුවන්ගේ සිහින මරා දැමීමට කටයුතු කිරීම තබා එවැන්නක් සිතකින් සිතන්නේවත් නෑ. ඒ නිසා එවැනි මාපියන්ගේ සිත් තම ආත්මාර්ථකාමී සිතැඟි වෙනුවෙන් දරුවන් තලා පෙලා දමන්නේ නම් එය බලවත් පාපකර්මයක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. සමහර දරුවන්, ඉගෙනගෙන සමාජයේ සම්මත ඉහල තැනකට ආ විට මාපියන්ව පිටත සමාජයට හඳුන්වා දීමට පවා හීනමානිකව පැකිලෙන ආකාරය දැක ගන්න පුළුවන්.
එහෙත් පටු නරුම ආත්මාර්ථකාමී වුවමනාවන් වෙනුවෙන් දරුවාගේ ආදරයට විරුද්ධ වන විට එයට එකඟ නොවී තම ලෝකය තනා ගැනීමට ක්‍රියා කිරීම පාප කර්මයක් ලෙසින් හඳුන්වනවා නම් එය අපට හැඳින්වීමට සිදු වන්නේ ''නරුමවාදයක්'' ලෙසිනුයි. ''ධර්මයේ'' නාමයෙන් පසුගාමී නරුමවාදයන් සාමාජගත කිරීමෙන් මිනිස් චින්තනයට, ජීවිතයට සිදු කරන්නේ බලවත් නපුරක්. සැබෑ පාපකර්මය ඇති තැන සඟවා, අහිංසකයන්ගේ සිහින, පාපකර්මයක් ලෙසින් හැඳින්වීම තරම් පාපකර්මයක් තවත් තිබෙන්න පුළුවන්ද? සැබෑ පාපකර්මය ඇති තැන සඟවා, අහිංසකයන්ගේ සිහින, පාපකර්මයක් ලෙසින් හැඳින්වීම තරම් පාපකර්මයක් තවත් තිබෙන්න පුළුවන්ද?
DR DAWN නම් පෙම්වතා පැය 48ක් ඇතුළත බොහෝ දෙනෙකුට තම හිටපු පෙම්වතුන් ගෙන්වා ගැනීමට උදව් කර ඇති ආකාරය පිළිබඳ සාක්ෂි කිහිපයක් මම කියෙව්වා, එය සැබෑවක්ද, මේ මිනිසාට මගේ පෙම්වතා නැවත ගෙන්වා ගැනීමට ඇත්තටම උදව් කළ හැකිද කියා මම සිතමින් සිටියෙමි. මම ගොඩක් ආදරෙයි. මම මගේ පෙම්වතාට බෙහෙවින් ආදරය කරන නිසාත්, අපි මාස කිහිපයක් වෙන්ව සිටින නිසාත් මම ඔහුව සම්බන්ධ කර ගැනීමට තීරණය කළෙමි. ඇත්තටම මට එයාව ගොඩක් මගහැරුණා, මම එයාව ආපහු ගන්න අනිත් හැම ක්‍රමයක්ම උත්සාහ කළා ඒත් බැරි වුණා. මම DR DAWN හා සම්බන්ධ වූ අතර ඔහු මට පැවසුවේ මගේ හිටපු හිටපු අය ඉදිරි පැය 48 තුළ නැවත මා වෙත පැමිණෙන බවයි.
ReplyDeleteමා පුදුමයට පත් කරමින් මගේ හිටපු පෙම්වතා හරියටම පැය 48 කින් ආපසු පැමිණියේය, වෛද්‍ය DAWN ට ස්තූතියි,
ඔහුට ඔබට උදව් කිරීමටද හැකිය
*ගැබ් ගැනීමට අකුරු කරන්න.
* නැවත එක්වීමට අක්ෂර වින්‍යාසය.
*ඕනෑම ලෙඩක් සුව කරන්න.
* වාසනාව සඳහා අක්ෂර වින්‍යාසය.
* ධනය සඳහා මන්ත්‍ර කරන්න.
සහ වෙනත් අය.
dawnacuna314@gmail.com හරහා ඔහුව සම්බන්ධ කරගන්න
Whatsapp: +2349046229159