ම්ලේච්ඡ අවදියේදී එක් ජන කණ්ඩායමක් තව ජන කණ්ඩායමක් ආක්‍රමණය කර ඔවුන්ව සමූල ඝාතනය කර දැමුනා. තවත් විටක කාන්තාවන් තමන් සතු කරගෙන පිරිමින්ව මරා දැමුණා. කාන්තාවන් තමන් සතු කර ගැනීම සිදු වුණා. ක්‍රමයෙන් නිෂ්පාදන ක්‍රම වර්ධනය වෙද්දී ශ්‍රමයේ අවශ්‍යතාවක් උද්ගත වීම නිසා පසුව අක්‍රමණික ප්‍රදේශවල පිරිමි මරා නොදමා වහලුන් බවට පත් කර ගත්තා.
සමාජය තවත් ඉදිරියට යද්දී වැඩවසම් ක්‍රමය ඇති වුණා. නිෂ්පාදන බලවේග විශාල ලෙස වර්ධනය වෙද්දී ශ්‍රමයට කලින් තිබූ අධි වටිනාකම නැතිව යාමත් සමග වහලුන් සහ ප්‍රවේණි දාසයන් පවත්වා ගැනීම අලාබ දායක ක්‍රියාවක් වූ හෙයින් ඔවුන් නිදහස් ශ්‍රමිකයන් බවට පත් කරනු ලැබුවා. තාක්ෂණය තව දුරටත් වර්ධනය වෙමින් යන මේ අවදියේ තමන්ගේම ආයතනවල නිල සේවකයන් තබා ගැනීමත් අලාබයක් වන හෙයින් මේ වන විට ලොව පුරාම ෆ්‍රීලාන්සර්ස් හෙවත් නිදහස් සේවකයන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. එවිට සේවක අර්ථසාධක වගේ කිසිම වරප්‍රාදයක් දෙන්න ඕනෙ නෑ. වගකීමක් දරන්න ඕනේ නෑ.
මේ අනුව, ම්ලේච්ඡ අවදියට වඩා යම් සුබදායක තත්වයක් ලෝකයේ පවතින්නේ නිෂ්පාදන බලවේග දියුණු කල අතලොස්සක් මිනිසුන්ට පින් සිද්ධ වෙන්න. එහෙම නැතිව අදටත් ඉන්නේ එදා හිටපු ම්ලේච්ඡයාමයි.
ප්‍රාථමික යුගයේ මාතෘ මූලික සමාජයක් පැවතුණාට එයින් කාන්තාවට අමුතුවෙන් අත් වූ සෙතක් නෑ. එය මුල්ම කාලයේ මුලු ගෝත්‍රයේම පිරිමින්ගේ කාම ගොදුර බවට පත් වුණා. ක්‍රමයෙන් සමාන ජාන නිසා විවිධ සංජානීය ආබාධ සහිත දරුවන් බිහිවෙන බව අවබෝධ කර ගැනීමත් එක්ක පියවරෙන් පියවර සීයලා, තාත්තලා, සහෝදරවරු මේ කාම ගොදුරු ක්‍රියාවෙන් අයින් වුණා.
නිෂ්පාදන බලවේග දියුණු වෙලා අතිරික්ත සම්පත් එක් රැස් වෙනකොට ඔන්න පිරිමියාට ඕනේ වුණා තමන්ගේම ලේ තියෙන දරුවෙකුට ඒ ධනය පවරන්න. නිල පතිනියක් පිරිමියාට ඕනේ වෙන්නේ ඒ අනුව. ඒත් ඔහුගේ බහු කාන්තා සේවනයේ අවශ්‍යතාව හේතුවෙන් ඔහු ගණිකා වෘත්තිය නිර්මාණය කළා. ඒ වගේම, ඔහුට කාන්තාව රිසි සේ සූරා කෑමේ අවශ්‍යතාව හේතුවෙන් විවිධ සංකල්ප ගොඩනගමින් ඒවා ප්‍රශ්න කළ නොහැකි පොදු සමාජ සම්මතයන් බවට පත් කළා. ගෝත්‍රික අදහස් දරන ජන සමූහ අදටත් කාන්තාව සලකන්නේ තමන්ට පරිහරණය කළ හැකි භාණ්ඩයක් ලෙස. ඔවුන්ගේ අඳින ඇඳුමේ සිට සිතන පතන දේ දක්වා සියල්ල සිරගත කර තිබෙනවා.

යම් සමාජයක් කාන්තාව මුළුමනින්ම ආවරණය කරන්නේද එහි අර්ථය ඔවුන්ට කාන්තාව කාම භාණඩයකට වඩා දෙයක් නොවන බව. ඒ වගේම යම් සමාජයක් කාන්තාව වඩ වඩාත් නිරාවරණය කරන්නේද එහි අර්ථය ඔවුනට ව්‍යාජ නිදහසක් ලබා දෙමින් කාම භාණඩයක් බවට පත් කර ඇති බවයි.

No comments:
Post a Comment