මිනිසාද ඇතුළත් පෘථිවි ලෝකයේ සත්වයාගේ සිත්වල පදනම ආත්මාර්ථකාමිත්වයයි. එය යම් යම් ආකාරයෙන් කලමනාකරණය වීමක් සියලුම සත්ව සමාජයන් තුළ සිදු වෙයි. ඒ වගේම යම් යම් භාවමය සාධක මත එය යම් යම් සන්දර්භයන් තුළ පුද්ගලයාගේ අඩු වැඩි වීමක්ද සිදු වෙයි. ඒ හැර, පදනමින් ගත් විට පුද්ගලයා පෙළන මෙම ආත්මාර්ථකාමීත්වය ක්ෂය වීමක් මහේක්ෂ ලෝකය තුළ කිසිසේත් සිදු වන්නේ නෑ.
ඇත්තටම මේ ලෝකයේ සියළුම අංශයන්ගේ සංවර්ධනයට ඇති මූලිකම බාධකයද එයයි. දැනට ලෝකය අත් පත් කර ගනිමින් සිටින භෞතික සංවර්ධනය හා සමාජ සංවර්ධනය යනු, මිනිසාගේ ආත්මාර්ථකාමීත්වය උපක්‍රමික ලෙස පාලනය කරමින් ලබාගෙන ඇති එකක් පමණයි. එය ඒ නිසාම ඕනෑම මොහොතක බිඳ වැටී යන්නටද පුළුවන්. නිදසුනක් ලෙස, ස්වාභාවික විපත්, යුද්ධ වැනි අවස්ථා දැක්විය හැකියි. ඒ වගේම කිසියම් හේතුවක් නිසා මේ පවතින සමාජ ආර්ථික රාමු බිඳ වැටුණහොත් සමාජය නැවත ගෝත්‍රික යුගයකට යාමට වැඩි වේලාවක් ගත වෙන්නේ නෑ.
මේ පූර්විකාව ඉදිරිපත් කළේ ක්ෂේම භූමි චිත්‍රපටය ගැන විමසුමකට පිවිසුමක් ලෙසින්. "සිටු කුමරියෝ, ආරාධනා, දඬුමොණර, දුහුළු මලක්" ඇතුළු අපේ සිනමාවේ චිත්‍රපට ගණනාවක් අධ්‍යක්‍ෂණය කළ අභාවප්‍රාප්ත විජය ධර්ම ශ්‍රී සිනමාකරුවාණන් අවසන් වරට නිර්මාණය කළ "ක්‌ෂේම භූමි" චිත්‍රපටය මුල්වරට ප්‍රදර්ශනය කරනු ලැබුවා. අයිලින් සිරිවර්ධන ලියූ සම්මානනීය නවකතාව පාදක කරගෙන සිනමාවට නැගුණු "ක්‌ෂේම භූමි" චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කර ඇත්තේ ප්‍රේමසිරි කේමදාසයන් විසින්. විජය නන්දසිරි, සංගීතා වීරරත්න, ජැක්‌සන් ඇන්තනි, යශෝධා විමලධර්ම, පාලිත සිල්වා, ශ්‍රියන්ත මෙන්ඩිස් ඇතුළු දක්‌ෂ නළු නිළි පිරිසක් මෙහි චරිත නිරූපනය කරනු ලබනවා. මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය අධ්‍යක්‍ෂ විජය ධර්ම ශ්‍රී වියෝ වීමෙන් පසු අතපසු වී තිබියදී චිත්‍රපට සංරක්‌ෂකයකු හා ප්‍රදර්ශකයකු වන තිස්‌ස නාගොඩවිතානයන් මැදිහත් වීමෙන් 2010 වසරේදී මුල්වරට ප්‍රදර්ශනය වුණා.
80 ජූලි වර්ජනයට සහභාගී වීම නිසාත් වාමාංශික දේශපාලනයට සහභාගී වීම නිසාත් රැකියාව අහිමි වන අහිංසක ලිපිකරුවෙක් වටායි මේ කතාව ගෙතෙන්නේ. යන එන මං නැති තත්වයට පත් වන ඔහු අවසානයේ නතර වෙන්නේ විශාල ව්‍යාපරිකයෙක් බවට පත් වෙමින්.
සාමාන්‍ය පුද්ගලයෙකුව සිටි කාලයේ දූ දරුවන් හා බිරිඳ සමගින් ඉතා සතුටින් කෙළි දෙළෙන් ගත කළ ඔවුන් දියුණුවේ හිනි පෙත්තට ගමන් කරන විට එකිනෙකාගෙන් දුරස් වීමත්, තනි වීමත් සිදු වන අතරම කලින් තිබූ සතුට අහිමි වී යන ආකාරයත් පෙන්නුම් කෙරෙනවා. වැඩිමල් සහෝදරයා රැකියාවකුත් නැතිව සිටින කාලයේ ඔහුගේ පෙම්වතිය සිටියේ විශ්වවිද්‍යාල වරම් ලබා ඔහුට වඩා ඉහළ ස්තරයක.
එහෙත් ඔවුන් නොසිතූ ස්ථානයකට ගමන් කරන විට ඇය, සාපේක්ෂව පහළ ස්ථරයකට වැටෙනවා. ඒ නිසා ඔහුට සිදු වන්නේ මාපියන්නේ සිතැඟිවලට ඉඩ දී ඇයව හැර දැමීමට. එහෙත් එයින් ඔහු අර්ධ වශයෙන් මල පුද්ගලයෙක් බවට අධ්‍යාත්මිකව පත් වීමයි සිදු වන්නේ. එහෙත් ඒ බව පෙන්වා දුන් විට පිළිගැනීමටවත් වැඩිහිටියන් සූදානම් නොවන විට පෙනී යන්නේ ඔවුන් ''ක්‍රමය'' තුළ කොතරම් ගොදුරු වී ඇත්ද යන්නයි.
අති විසල් නිවසේ නාමය ලෙස ''ක්ෂේම භූමි'' ලෙස නම් කර තිබුණත් එය, සැබවින්ම ගත් විට ඔවුන්ට ජීවිතය අහිමි කර සිරගත කළ බන්ධනාගාරයක් බව පැහැදිලි වෙනවා. මේ සිරගෙයින් පළා ගොස් ජීවිතය සොයා ගැනීමට බාල පුතු ක්‍රියා කරන්නේ ඔහු ''ජීවත් වීමට'' ආශා කරන බැවින්. ''ව්‍යාපාරය අපේ බව ඇත්ත මල්ලි. ඒත් ඇත්තටම ඒක අපේ නෙවෙයි'' යන්නෙන් වැඩිහිටි සහෝදරයා පෙන්වා දෙන්නේ තමන්ම විසින් ගමන් කළේ වුවද වර්ධනය කළේ වුවද ''ක්‍රමය'' විසින් අවසන් වශයෙන් තමන්ටද පාලනය කරගත නොහැකි අයුරින් එයට ගොදුරු කරගන්නා බව. ඉන් මිදෙන්නට, ''ක්‍රමය'' තුළ සිටිමින් නොහැකි බවද ඔහු පෙන්වා දෙනවා.
ආත්මාර්ථය තුළින් අවසන් වශයෙන් සිදු වෙන එකම දෙය, අනුන්ටත් ජීවිතය අහිමි කරමින් තමන්ටත් ජීවිතය අහිමි කර ගැනීම.
මේ වැනි සත්‍යම සිදු වීම් ඔබ අවට මෙන්ම අපේම ජීවිතවලින්ද ඕනෑ තරම් සොයා ගැනීමට හැකියාව තිබෙනවා. මේ තුළින් පෙන්වා දෙන සත්‍යය, අන් කිසිවක් නොව අප පදනමින් ආත්මාර්ථකාමීන් බව. ''අවස්ථාවන්ට'' අපව සහමුලින්ම වෙනස් පුද්ගලයන් බවට පත් කිරීමට හැකි වෙන්නේ ඒ නිසායි.
ආත්මාර්ථය පදනම් වන්නේ ''ආශාවන්'' මත. ''ආශාවන්'' යනු කිසිදා තෘප්තියෙන් අවසන් වන ඒවා නොවේ. එකක් පසුපස එකක් බැගින් ආශාව - තෘප්තිය - අතෘප්තිය - නව ආශාව යන දාමයේ ඒ ඒ අවස්ථාවේ ප්‍රතිඵලයත් අතෘප්තියම වන අතර එය අවසන් වන්නේ පුද්ගයා වල්මත් වී මානසික රෝගියෙකු බවට පත් වීමෙන්. ජීවිතයේ විඳීම් ඇත්තේ එයට විලෝම වන පරාර්ථයත් ඒ තුළින් ඇති වන ආදරයත් මත පමණයි.
Sunday, May 27, 2018
Saturday, May 26, 2018
තරු අතරින් මිහිබට සුරංගනාවිය, තාරා ........
ඇය නම් බොහෝ පැතිවලින් බලන විට සුරංගනාවියක්ම තමයි. සම්පූර්ණයෙන්ම සුරංගනාවියක් සේ කියන්න අපහසු, තව පූර්ණය කරගත යුතු දේවල් තියෙන නිසයි. තාරා ටෙලි සිතුවම ඇරඹෙන්නේම ඇය කුමන වැන්නියක්දැයි අපට විෂද කරවමින්. ඒ වගේම ජීවිතය ගැන බොහෝ දේ හිතන්නට ඉඩහසර ලබා දෙමින්.
ඒ වගේම ශලනි තාරකාගේ භාව පූර්ණ රංගනයද ඉතාමත් විශිෂ්ට බව කිව යුතුයි. ආනන්ද අබේනායකගේ අධ්‍යක්ෂණය, නාමල් ජයසිංහගේ රූපවාහිනී රචනය සේම හොඳ නිර්මාණ සඳහා කවදත් දායක වන ෆාහිම් මවුජූඩ්ගේ නිෂ්පාදන දායකත්වයද මෙහිදී මෙම නිර්මාණය සාර්ථක කර ගැනීම සඳහා බෙහෙවින් ඉවහල් වී තිබෙනවා. කවදත් විශිෂ්ට රංගනයකින් දායක වන චාන්දනී සෙනෙවිරත්න, රොෂාන් රවීන්ද්‍ර ගැන වගේම සම්මානයෙන්ද ඇගයීමට ලක් වූ ළමා නිළි සහේලි සදෙත්මා ගැනද අප සිහිපත් කළ යුතුමයි.
කතාව ඇරඹෙන්නේ නන්දිතා, හදිසියේම එරන්දගේ නිවසට යාමට තීරණය කිරීමෙන්. එහෙත් සාම්ප්‍රදායිකත්වයේ, ගතානුගතිකත්වයේ ඉහළින්ම සිටින එරන්දගේ මව නන්දිතාව දකින්නේ වෙනත්ම කෝණයකින්. එනම්, සෙල්ලක්කාර, නාගරික හිස් චරිතයක් ලෙසින්. ඇය සිතන්නේ ප්‍රේම සබඳතා, කායික සබඳතා නන්දිතාට සාමාන්‍ය දෙයක් වන බවයි. ලාංකීය සමාජයේ සදාචාර ධර්ම ගැන අඩුම තරමේ හැඟීමක්වත් නැති බවයි මවට හැඟී යන්නේ. ඇය ඒ නිසාමයි කියන්නේ කන්‍යාභාවය සෙවීම අනිවාර්ය ලෙස තම පාර්ශවයෙන් කෙරෙන බව. එහෙත් එය කියන්නට ගොස් සිදු වෙන්නේ එතැන කාටවත් හිස ඉසවීමට නොහැකි හාස්‍යජනක තත්වයක් නිර්මාණය වීම.
ඇත්තෙන්ම එරන්දගේ මව තුළින් අපට ලාංකීය සිතුවිලි විශ්වයේ පැතිකඩවල් ගණනාවක්ම ගැන අනාවරණය කර ගන්නට හැකි වෙනවා. ඒ තමයි, ආදර සම්බන්ධයක් යන්න හුදෙක් ලිංගික සම්බන්ධයක් හැඳින්වීම සඳහා කෙරෙන නාමකරණයක්ය යන විශ්වාසය, එසේම ලිංගික සම්බන්ධයක් යන්න, අශ්ලීල පහත් දෙයක්ය යන සිතේ එක් පසෙක ඇති හැඟීම, ලිංගික සම්බන්ධයක් පැවැත්වූ විට කාන්තාව අපවිත්‍රකරණයට ලක් වූ ජීවියෙක්ය යන හැඟීම, කාන්තාව යනු හුදෙක්ම ලිංගික භාණ්ඩයක්ය යන හැඟීම යනාදියයි. නියම් හෝ අනියම් හෝ අයුරින් ලිංගික සම්බන්ධයක් පැවැත් වූ පසු ජීවිතයේ කිසිදාක ඇයට කලින් තිබුණු පිළිගැනීම හිමි වන්නේ නෑ.
එහෙත් මනෝ විශ්ලේෂණාත්මකව බැලූ විට මේ සදාචාරවාදීන් ලෙස පෙනී සිටින අයවලුන්, ඉතාම දැඩි මානසික රෝගීන් පිරිසක් බව පැහැදිලි වෙනවා. ඒ වගේම නිර්දය හා සාහසික ආත්මාර්ථකාමීන් පිරිසක්. එහෙත් මතු පිටට පෙනෙන්නේ එහි අනෙක් පැත්ත. නන්දිතා, තමන් මීට කලින් ප්‍රේම සබඳතා දෙකක් පැවැත් වූ නමුත් ඒවා සෙක්ෂුවල් සම්බන්ධතා නොවූ බව පවසන විට එරන්දගේ පියාට පිට උගුරේ යන්නේත්, මවට හිස උස්සන්නට බැරි වෙන්නේත් ඒ නිසයි. එහෙත් නන්දිතා ආදරය සේම එහි ආංශික පැතිකඩක් වන ලිංගික සම්බන්ධතා ගැනද බොහෝ දුරට නිවැරදි දැක්මක සිටින බව ඇය විවෘතව කතා කරන ආකාරයෙන් අපට පෙනී යනවා. ඒ වගේම ඇය වොෂ් එකක් දා ගන්න එරන්දගේ ටීෂර්ට් එකක් ඉල්ලීම, ඔහුගේ වොෂ් රූම් එකටම යන්න සුදානම් වීම තුළින්ද එය මනාව පේනවා. හුදෙක් සම්පූර්ණ දෑස්ම ලිංගිකත්වයේ කණ්නාඩියකින් වැසී ඇති බොහෝ දෙනාට මේවා ජුගුප්සා ජනක දේවල්. ඔවුන්ට මේවා හැඟී යන්නේ මහ දවල් සාලයේ පූර්ව රති කෙළියක් සිදු වන්නට යන අයුරින්....!
තමන් මුල් දෙදෙනා සමග ලිංගික සම්බන්ධතාවක් නොපැවැත්වූයේ එය වරදක් ලෙසින් සිතීම නිසා නොව, එවැනි හැඟීමක් ඔවුන් සම්බන්ධයෙන් ඇති නොවූ නිසා බව ඇයගේ ප්‍රකාශයෙන් පැහැදිලිව විද්‍යමාන වනවා. ''හැඟීමක් ඇති වුණා නම් ඉතින් මෙයා ගැන තමයි'' යනුවෙන් පවසා එරන්දගේ උරහිසට තට්ටු කරන විට වැඩිහියන්ට සිතෙන්න ඇත්තේ පොළොව පලාගෙන යන්න.
මෙම ලිංගික නියුරෝසීය රෝගී තත්වය ඇති වෙන්නේ එකිනෙකට පරස්පර සංකල්ප දෙකක් අපේ මනසේ නිරන්තර ගැටීමට ලක් වීමත් ඒ ගැටීමෙන් නිගමනයකට ඒමට අප අපොහොසත් වීමත් නිසයි. මේ ගැන නම් ඉතින් වෙනම සාකච්ඡා කළ යුතුයි. අප ඒ නිසා එය වෙනත් අවස්ථාවකට කල් තබමු. කොහොම වුණත් යම් අදහසක් ගන්න කියන්න තියෙන්නේ, මෙහෙම වෙන්නේ, අපට සහජාශයෙන් සහ සංකල්පීය වශයෙන් යන දෙකින්ම එන ලිංගික ආවේගයන් සහ ලිංගිකත්වය පහත් අශ්ලීල දෙයක්ය යන හැඟීම් එකිනෙක ගැටීමත්, ඒ තුළින් අවසන් නිගමනයකට ඒමට පුද්ගලයාට නොහැකි වීමත් මතයි. මේ තුළින් නිර්මාණය වන මානසික රෝගී පුද්ගලයාට මරණ මංචකය දක්වාවත් මෙයින් මිදීමට හැකි වන්නේ නැති අතරම, එය ඒ පුද්ගලයාට ජීවිතයේ සාරය අහිමි වීමටත් සමස්ත සමාජයක විශාල ගැටලු සමුදායක් ඇති කරමින් අර්බුදයක් නිර්මාණය කිරීමටත් හේතු වෙනවා.
තාරා තුළින් අපට ජීවිතය ගැන කතා කරන්න මාතෘකා රැසක්ම විවර කර දෙනවා.
දෙන්නා වෙනුවෙන් කේන්දර බලනවාට නන්දිතා විරුද්ධ වන්නේ ඇගේ කේන්දරය නරක් වීම නිසා නොව, එවිට එය ආදරය කියන යන ආස්ථානයෙන් විතැන් වී හුදෙක් සමාජයේ බහුලව සිදු වන තවත් එක් ගණුදෙනු ක්‍රියාවලියක් බවට පත් වන නිසයි. ගුණාත්මයක් නැති මනුස්ස සම්බන්ධයකින් ඉතිරි වන්නේ උදාසීනතාව, විඩාව, කලකිරීම, අප්‍රසන්නතාව, කෝපය වැනි හැඟීම් පමණයි. එසේම දෙන්නා එකිනෙකාට යෝග්‍ය වන්නේද යන්න එකිනෙකාගේ අවබෝධයෙන් සිදු වනවා වෙනුවට එය වෙනත් මානයකට භාර දෙනවා යන්නේ අර්ථයම, දෙදෙනා අතර අවබෝධයක් නොමැති බව සහ නොගැලපෙන බව නොවේද?
'' දානය '' යනු කිසි සේත් පුණ්‍ය කටයුත්තක් නොව අති විශාල ප්‍රතිලාභ ලබාගැනීමේ අරමුණින් කෙරෙන ආයෝජන ක්‍රියාවලියක්ය යන සත්‍යයද මෙහිදී අපට පෙන්වා දෙනවා. නන්දිතා තුළ අවට ලෝකය කෙරෙහි ආදරයක් මිස එවැනි පටු ආත්මාර්ථකාමී හැඟීමක් නොමැති බව ''නෑ ආන්ටි මේක එහෙම දෙයක් නෙවි, මන් ආසයි පොඩිවුන්ට උදවු කරන්න'' යන ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා.
ඒ වගේම චාරිත්‍ර ලෙස පළමුවෙන් යුවතියගේ නිවසට පැමිණිය යුතු බව මව කියද්දී, ''එන්න ආන්ටි එන්න. ඕනි වෙලාවක එන්න'' යන සැහැල්ලු ප්‍රකාශයෙන් ඇය තුළ ආදරය පිළිබඳ හැඟීමක් සහ ඇගයීමක් විනා හුදෙක් සමාජ සම්මුතියක් සේ සිදු කෙරෙන පිරිමියෙක් හා ගැහැනියක් අතර විවාහයක් යන්න කෙරෙහි හැඟීමක් නොමැති බව පෙනී යනවා. ඒ, එහි හුදෙක් මානව පරපුරේ අඛණ්ඩතාව පවත්වාගැනීමේ ජානමය වුවනාවට වඩා කිසිදු දෙයක් නොමැති නිසාවෙන්.
කෙනෙක් විවාහ වෙන්නේ නිල ලිංගික තෘප්තිය ලබා ගැනීම සහ සමාජ සම්මුතීන් වෙනුවෙන් නම් ඔහුට අත් වන්නේ ඉතාම ඛේදනීය මරණයක්. ඒ කියන්නේ ජීවිතාන්තය දක්වාම ජානවල රූකඩයක් සේ නැටවී මිය යන්න. ලෝකයේ යමෙකුට මීටත් වඩා දෙන්න දරුණු දඬුවමක් තියෙන්න පුළුවන්ද කියලා ඔබම සිතන්න. මේ ගැන අපි වෙන වෙලාවක විස්තර වශයෙන් කතා කරමු.
ඒ වගේම මං හිතන්නේ අපිට මේ තාරා කතාන්දරය තුළදී අවස්ථා කීපයක්ම උදා වෙයි ජීවිතය ගැන කතා කරන්න. ඉදිරියේදී අපි හමු වෙමු. පහත ලින්ක් එක තුළින් තාරා ටෙලි සිතුවමේ පළමු කතාංගය නරඹන්න පුළුවන්.
https://youtu.be/4hkd0ycuqhk

Wednesday, May 23, 2018
සත්‍ය ආදරය ඉන්දිගේද? (පියවි ගැන විමසුමක්)
ඇත්තටම විසල් පසුගිය ආත්මයේදී ඉන්දිට ස්ව ආත්මයෙන්ම ආදරය කළේ නම් මේ ආත්මයේදී ඇයව අහිමි වන තීරණයක් ගන්නේ නැත. මන්ද මේ ආත්මයේදී වෙනත් කෙනෙකුට ආදරය කරන විට ඉන්දිව ඊලඟ බවයන්හිත් අහිමි වන බැවින්. එසේ නම් ඔහු කරන්නේ තත්වය වර්තමාන පෙම්වතියට කරුණාවෙන් පැහැදිලි කර දී ඇගේ අනුමැතිය ඇතිව ඉන්දි හා එක් වීමයි. ඒ වගේම වර්තමාන පෙම්වතියට ඔහු ඇත්තටම ආදරය කළේ නම් කිසි සේත් පසුගිය ආත්මයේ පෙම්වතිය වෙනුවෙන් ඇයව ඇත්හැරීමේ අදහසක් ඔහුට එන්නේ නැත. මෙය, හතර බීරි කතාවක් යැයි ඔබට සිතෙන්නට පුළුවන්. එහෙත් සත්‍යය එයයි.
ඉන්දිගේ ආදරය, පසුගිය ආත්මයේදී පමණක් නොව, මේ ආත්මයේදීත් පරම පවිත්‍ර සේ පවතියි. විසල්ට පෙම්වතියක් සිටින බව දැනගත් විට ඔහුව අත්හැරීමට පවා ඇයට හැකි වන්නේ ඇය තුළ උදාර හදවතක්, එතුළින් පණ ලබන ආදරයක් පවතින බැවින්. එහෙත් විසල්, පසුගිය ආත්මයේදී හෝ මේ ආත්මයෙදී හෝ දෙකින් එකකවත් තම හදවත තුළ සැබෑ ආදරය ඇති කර ගැනීමට අසමත් වූ අයෙක්.
කෙසේ වුණත් මේ කතාවේ හැටියට ඉන්දි වගේම වර්තමාන පෙම්වතියත් විසල්ට ආදරය කරන බැවින් සසරේදී ඔහු දිගටම අමාරුවේ වැටෙන්නට නියමිතයි. ඔහු පමණක් නෙවි ඉතින් පෙම්වතියන් දෙදෙනාත්. මේ වගේ ශෝචනීය සිදුවීම් වලට සසරේ මූණ නොපාන්නට නම් කරන්න තියෙන්නේ හැමදාමත් එකම කෙනෙක්ට මුළු හදවතින්ම ආදරය කරන එකයි. එවිට සිදුහත් යශෝදරා, පිප්පලී මානවක සහ භද්‍රකාපිලානී වගේ සසරේ හැමදාමත් එක්ව යන්න පුළුවන්.
Friday, May 18, 2018
ධර්මාශෝක සහ ධර්මාශෝක
මූලිකම කරුණ තමයි එය අවසන් වූ වේගවත් ආකාරය. ඉතා සුළු සිදුවීම් කතාංග විශාල ප්‍රමාණයක් පුරා ගෙන යාමට කටයුතු කළ අතරේ ඔහුගේ ජීවිතයේ වැදගත්ම සිදුවීම් අයත් පරිච්ඡේද නොසලකා හැර තිබීම. ඒ වගේම අශෝක සහ කෞර්වකී අතර ආදරය මහා ආදරයක් ලෙසින් කතාව පුරා ගෙන හැර දැක්වීමට උත්සාහ කළත් අවසානයේ එය පුස්සක් බවට පත් කර දැමීම. සිත් තුළ පරමාදර්ශ ඇති කර එය කඩා බිඳ දැමීම බලවත් හානියක් ඒ පුද්ගලයන් තුළ ඇති කරනවා. එය, කිසිසේත් නොකළ යුතු දෙයක්.
ඉතිහාසයේ ඇත්තටම කුමක් සිදු වුවත්, කතාව තුළ මේ දෙදෙනා අතර ආදරය මහා උත්කර්ෂයකට නැගෙනවා. කෞර්වකීව බේරා ගැනීමට ජීවිතය පරදුවට තබා ක්‍රියා කරන අශෝක, අවසානයේ කාලිංගය ආක්‍රමණය කිරීමට තීරණය කිරීම විකාර සහගතයි. ඒ වගේම අශෝක අතින් කෙසේ වුවත් සැම විටම වාගේ ආදරයේ පවිත්‍රත්වය ආකරක්ෂා කර ගැනීමට, එහි පූජනීය බව උත්කර්ෂයට නැගීමට සමත් වූ කෞර්වකීත් ඔහු හා යුධ වැදීමට ක්‍රියා කිරීම අතාර්කිකයි.
ප්‍රේමය වෙනුවෙන් කෞර්වකී කරන කැපවීම සැලකූ විට ඇය වන්දනීය චරිතයක්. එහෙත් එයට අශෝකගෙන් ලැබෙන ප්‍රතිචාරය? කිසිසේත් නොලැබෙන කෞර්වකීගේ පියාගේ ආශීර්වාදය ලබා ගැනීමට මහා උත්තම පුරුෂයෙක් ලෙසින් සැරසෙන එය නොමැතිව ඇය විවාහ කරගැනීමටත් අකමැති වන අශෝක, එක වරම ඒ පියාටම කිනිස්සෙන් ඇනීම සාධාරණීය කරන්න පුළුවන්ද. කතාව පුරාවටම මේ වගේ කැවුම් - ලුණු මිරිස් වර්ගයේ සිදුවීම් දැක ගන්න පුළුවන්.
මෙවැන්නක් සිදුවීමට බොහෝ දුරට හේතුව ලෙසින් සලකන්න හැකි වෙන්නේ මෙගා ටෙලියක් නිර්මාණය කිරීමට අවශ්‍ය ත්‍රාසය, භීතිය, ප්‍රේමය, කුතුහලය, පරමාදර්ශී ස්වභාවයන් එකට කැලතීමට යාමේ අවශ්‍යතාවයි. කිසියම් කතා වස්තුවකට යා හැකි යම් දුරක් තිබෙනවා. එයින් ඔබ්බට එය ගෙන යාමට යන්නේ නම් සිදුවෙන්නේ එකිනෙකට නොගැලපෙන, ආතාර්කික සිදුවීම් එයට එක් වීමයි. එයට තවත් උදාහරණයක් ලෙස, අතිශය ජනාදරයට පත් වෙමින් වාර්තා පිට වාර්තා තැබීමට සමත් වූ සිදූ නාට්‍යයයි. ඒ ජනප්‍රියත්වය නිසාම එය චුවින්ගම් එකක් සේ ඇදීමට යාමෙන් වූයේ කතාවේ මුලින් සිටි චරිතවල හැසිරීමට කිසිසේත් නොගැලපෙන සිදුවීම්, හැසිරීම් එයට එක් වී විකාරයක් බවට පත් වීමයි. වරක් එක් නාලිකාවක විකාශය වූ එක් නාට්‍යයක් මෙසේ දිගින් දිගමට ඇදීමට ගොස් සිදු වූයේ රචකයා මානසික රෝගියෙක් බවට පත් වීමයි.
කොහොම වුණත් මේ කතාවේ විකෘතියට හසු නොවූ චරිතයන්ද තිබෙනවා. දේවී, ධර්මා, ආචාර්ය රාධගුප්ත ඒ අතරට අයත්. ඔවුන් එසේ ආකරක්ෂා වුණේ ඒවාහි භූමිකාවන් අනවශ්‍ය ලෙස නිර්මාණය කිරීමට නොයාම නිසායි. දේවීගේ හැසිරීම ඉතාම පරමාදර්ශී එකක්. එසේම ඉතිහාසයේ කියවෙන ආකාරයටද ඇය රාජ භවනේ හෝ වාසය කිරීමට පැමිණ නැහැ. නිහඬ ජීවිතයක් ඇය ගත කර ඇත්තේ. ඒ වගේම ඇය මිහිඳු මහ රහතන් වහන්සේගේ හා සංඝමිත්තා රහත් තෙරණියගේද සත්‍ය මවයි.
කිසියම් කලා නිර්මාණයක් අවසන් වන විට රසිකයා තුළ සදානුස්මරණීය මතකයක්, කිසියම් පරමාදර්ශ සමූහයක සිතුවමක් ඇති වූයේ නම් එය, සාර්ථක හා උසස් නිර්මාණයක් ලෙසින් හඳුන්වන්න පුලුවන්. එයට එක් යම් සාර්ථක ආසන්න නිදසුනක් ලෙස බැද්දෙ කුලවමිය නාට්‍යය දැක්විය හැකියි.
Subscribe to:
Posts (Atom)