ඇත්තටම විසල් පසුගිය ආත්මයේදී ඉන්දිට ස්ව ආත්මයෙන්ම ආදරය කළේ නම් මේ ආත්මයේදී ඇයව අහිමි වන තීරණයක් ගන්නේ නැත. මන්ද මේ ආත්මයේදී වෙනත් කෙනෙකුට ආදරය කරන විට ඉන්දිව ඊලඟ බවයන්හිත් අහිමි වන බැවින්. එසේ නම් ඔහු කරන්නේ තත්වය වර්තමාන පෙම්වතියට කරුණාවෙන් පැහැදිලි කර දී ඇගේ අනුමැතිය ඇතිව ඉන්දි හා එක් වීමයි. ඒ වගේම වර්තමාන පෙම්වතියට ඔහු ඇත්තටම ආදරය කළේ නම් කිසි සේත් පසුගිය ආත්මයේ පෙම්වතිය වෙනුවෙන් ඇයව ඇත්හැරීමේ අදහසක් ඔහුට එන්නේ නැත. මෙය, හතර බීරි කතාවක් යැයි ඔබට සිතෙන්නට පුළුවන්. එහෙත් සත්‍යය එයයි.
ඉන්දිගේ ආදරය, පසුගිය ආත්මයේදී පමණක් නොව, මේ ආත්මයේදීත් පරම පවිත්‍ර සේ පවතියි. විසල්ට පෙම්වතියක් සිටින බව දැනගත් විට ඔහුව අත්හැරීමට පවා ඇයට හැකි වන්නේ ඇය තුළ උදාර හදවතක්, එතුළින් පණ ලබන ආදරයක් පවතින බැවින්. එහෙත් විසල්, පසුගිය ආත්මයේදී හෝ මේ ආත්මයෙදී හෝ දෙකින් එකකවත් තම හදවත තුළ සැබෑ ආදරය ඇති කර ගැනීමට අසමත් වූ අයෙක්.
කෙසේ වුණත් මේ කතාවේ හැටියට ඉන්දි වගේම වර්තමාන පෙම්වතියත් විසල්ට ආදරය කරන බැවින් සසරේදී ඔහු දිගටම අමාරුවේ වැටෙන්නට නියමිතයි. ඔහු පමණක් නෙවි ඉතින් පෙම්වතියන් දෙදෙනාත්. මේ වගේ ශෝචනීය සිදුවීම් වලට සසරේ මූණ නොපාන්නට නම් කරන්න තියෙන්නේ හැමදාමත් එකම කෙනෙක්ට මුළු හදවතින්ම ආදරය කරන එකයි. එවිට සිදුහත් යශෝදරා, පිප්පලී මානවක සහ භද්‍රකාපිලානී වගේ සසරේ හැමදාමත් එක්ව යන්න පුළුවන්.
No comments:
Post a Comment